(ටෝනි කරුණානායක)
නවීණ තාක්ෂණ මෙවලම් උපයෝගී කරගෙන 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනා සම්බන්ධයෙන් ඇපමත සිටින කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු සැකකාර සිසුවා විදේශ ගතවීමට කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය.
එම නඩුවේ සැකකරුවන්ට විදේශගත වීම තහනම එක් ඇප කොන්දේසියකි.
පාසැල් සිසුවා සහ ඔහුගේ පියාවන සේනාධි ඉන්ද්‍රජිත් බංගමුආරච්චි යන සැකකරුවන් දෙදෙනා නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා මගින් මෝසමක් ඉදිරිපත් කර එම නඩුව අධිකරණය හමුවේ කැඳවන ලෙසට ඉල්ලිමක් කර තිබුණි.
ඒ අනුව අද (18) එම නඩුව කැඳවු අවස්ථාවේ විමර්ශන අවසන් නොමැති හෙයින් විදේශ ගතවීමේ තහනම ඉවත් කිරීමට කරන ඉල්ලීමට විරෝධය දක්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නිලධාරින් කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.නඩුව නැවත අගෝස්තු 09වැනිදා කැදවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උසස්පෙළ හොරට ලියු සිසුවකුගේ රට යන්න ඉල්ලු අවසරය ප්‍රතික්ෂේප වෙයි
kia Wednesday, 18 July 2018 10:41 AM
එක වැරුද්දක් නිසා මේ කොල්ලගෙ මුලු ජීවිතයම කාල දායි ...... ලෝක හොරු, අපරාදකාරයො ඇප අරන් රට යනවා එනවා. මේ වගේ පොඩි දේවල් කරපු අය සදහටම වරදකාරයො..අනේ අපේ ගොන් නීති.
Anusha Wednesday, 18 July 2018 12:27 PM
හා හා.. පොඩි වැරැද්ද... මොකක්ද දන්නේ නෑ ලොකු වැරැද්ද? නීති තියෙන්නේ සමාජය හදන්න. එක්කෙනෙක්ගේ යහපත සඳහා නොවේ. මෙයාගේ ජීවිතේ ගෙන නෙවෙයි සමාජය ගැන හිතන්න පුරුදු වෙන්න...
kiaWednesday, 18 July 2018 01:27 PM
ඔයා ඔය කියන දේ, නීතිය කඩන හැම දෙනාටම අදාලද? හදපු සමාජෙ ගැන පොඩ්ඩක් කියනවද? තනියම පුද්ගලික කාමරවල නීති විභාග ලියපු සමාජයක් තමයි තියෙන්නෙ. බයිලා කියන්න එපා අනුශා. ඔයා ඉස්කෝලෙ විභාගවල කොපි කරලම නැද්ද?
Anusha Thursday, 19 July 2018 12:34 PM
අදාල වෙන්න ඕන හැමෝටම. මම නම් හොරට විභාග ලියලා නෑ. ආපහු ඉස්කෝලේ ගිහිල්ලා හරියට ඉගෙන ගන්න. රටෙන් 90% හොරු ඉතින් කොහොමද රටට හරියන්නේ.