(ඉන්දිකා රාමනායක )
උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කර ඇති යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනේ උතුරු පළාතේ මන්ති‍්‍රවරයකු අද (22) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මුලතිව් පාසලක සිසුවියක වන ඇය ඉකුත් 19 දින උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.
සැකකාරි මන්ති‍්‍රවරයා පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළ බව පොලිසිය කියයි.
COMMENTS
හොඳ අනාගතයක් තියෙන දේශපාලකයෙක්
ආ දැන් හරි පුතා. ජාතික දේශපාලනයට එන්න සුදුසුකම් තියෙනවා. මේක ශ්‍රී ලංකාවනේ.
වහාම 225 දෙනා වෙනුවට 226 දෙනෙක් පත්කරන පනතක් සම්මත කර ඔහුවත් පැය විසි හතරක් තුල දියවන්නාවට ගත යුතුය. ඔහුට සුදුසුම අය ඉන්නේ එතැන. හොද ඇමති කමකටත් උපරිම සුදුසුකම් අඩු වයසකින් සපුරා ඇත.
දියවන්නාවට යන්න අවශ්‍ය අවම සුදුසුකම සපුරා ඇත.
වැරදිලා හරි මේ අපරාධය ආරක්ෂක අංශ සාමාජිකයක් විසින් වෙලා තිබුණා නං, අද විජයකලා, විග්නේශ්වරන්ලා උඩ දාල කතාකරාවී.
දේශපලුවෙක් නේද? ස්ත්‍රී/ළමා දුෂණයට හොඳම දඬුවම ලබා දෙන්න...... රටට ඔය නිතිය ගෙනාපු දවසට පසු මෙවැනි පුවත් අපිට අහන්න ලැබෙන එකක් නැහැ.
ඒ කෙනාගේ නම කියනකො රටට දැනගන්න.
හරි හරි... ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්... ඊලඟට පෙන්වන්න තියෙන්නෙ ඔබට හොරකම් කළ හැකිද, මිනී මැරිය හැකිද කියන පරීක්ෂනේ තමයි. ඔබ අනිවාර්යෙන් වන්නියෙන් පාර්ලිමේන්තුවට ඒමට හැකියි.
හා හා කලබල වෙන්න එපා මේ දේශපාලනයට සුදුසුකම් සපුරනවා.
රජයේ කන්තෝරු පොලිසියේ, බන්ධනාගාරේ, පාසලේ, උපකාරක පන්ති වල, බස් එකේ, කෝච්චියේ, මේ වගේ අය ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නේ අපේ රටේ නීතිය. අපි ඉතිහාසය ගැන ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වගේ සුරඟන කතා නවත්තලා අනාගතයට හරියන නීති හදලා ඉස්සරහට යමු නැත්නම් සිංගප්පුරු ගිවිසුම නැති උනත් අනාගතයේ අපිට කන්න වෙන්නේ ඉන්දියාවේ චීනයේ කුණු තමයි. ඉන්දියන් සාගරයේ සෝමාලියාව කියලා නමත් වෙනස් වෙයි.