IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උ‘මැද පාසල් හතරක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැන පරීක්ෂණයක්

( උපාලි ආනන්ද )

උතුරු මැද පළාතේ පාසල් හතරක ඉදිරිකිරීම් කොන්ත්‍රාත් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් නොපමාව ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.පී බංඩාර මහතාට නියෝග කර තිබේ.

ප‍්‍රසම්පාදන නියමයන් මුළුමණින්ම උල්ලංගණය කරමින් පාසල් හතරක ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත‍්‍රාත් දී ඇති බවත් ඒවා අත්හිටුවීමට වහාම කටයුතු කරන ලෙසත් ඉල්ලා ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය දිසානායක මහතාට ලිඛිතව කළ පැමිණිල්ලක් අනුව මෙම නියෝගය කර ඇත.

එසේ නොකරන්නේ නම් අධිකරණ ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ද ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාවේ සභාපති ජී බී ලෝහිතරත්න මහතා කළ එම පැමිණිල්ලේ සඳහන් විය.

අනුරාධපුර දීපානි මහ විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල , කැකිරාව ඔලූකරද විද්‍යාලයේ ගොඩනැගිල්ලක්,හබරන මහ විද්‍යාලයේ සෞන්දර්ය  ගොඩනැගිල්ල  සහ අනුරාධපුර කේ.බී රත්නායක මහ විද්‍යාලයේ රැස්වීමි ශාලා ගොඩනැගිල්ල සඳහා ලබාදී ඇති කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියෙන් තොර බව එම පැමිණිල්ලේ සඳහන් විය.
 



අදහස් (0)

උ‘මැද පාසල් හතරක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැන පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site