IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති

(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2)   පළාත්  ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක්  හට ගත්තේය.
 
ප්‍රධාන ලේකම්වරයා හමුවට පැමිණි ඔවුන් කියා සිටියේ ප්‍රශ්නය විසඳන තුරු ඉන් ඉවත් නොවන බවයි. ලේකම්වරයාගේ කාර්යාලයට කඩා වැදුන ඔවුන් එම කාර්යාලය තුලට වෙනත් කිසිවකුට ඇතුල් විය නොහැකි පරිදි දොරගුළු දමා ලේකම් වරයා සමඟ සාකච්ඡා කලද විසදුමක් ලැබී නැත.  
 

ප.ව.2.00 ට පමණ මේ පිළිබඳ ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට යැයි පවසා ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.බණ්ඩාර  මහතා සමග උපාධිධාරින් කීපදෙනකු ඉන් පිටත්ව ගිය අතර උද්ඝෝෂකයන් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයතුල රැඳී සිටිනු දක්නට ලැබුණි.



අදහස් (9)

උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති

wedage Monday, 02 October 2017 10:29 AM

ඔය ඉන්නේ ලස්සනට ඒ සී කරපු පැසේජ් එකේ වාඩිවෙලා මොනවහරි තියෙන දෙයක් හොයල බලල කාල ඉන්න එකනේ...

:       0       0

mahee Monday, 02 October 2017 10:46 AM

ටික කලකට පෙර මේ සියලු දෙනා සයිටම් පෙළපාලිවල දක්කා ගෙන ගිය ජනතාවාදීන් මොකුත් සපෝට් එකක් දෙන්නේ නැද්ද ජොබ් එකක් හොයා ගන්න? සමහරවිට අනික් සංගමෙන් උදව්වක් ඉල්ලුව නම් දෙන්න ඉඩ තියෙනවා.

:       0       0

boru Monday, 02 October 2017 10:56 AM

කුණු එකතු කරන රස්සාවල් දුන්නා නම් හරි. වෙන දෙයක් දන්නේ නැහැ. මේ අය දක්ෂ නම් සත්ව උද්‍යානේ සතුන් බලාගන්න දෙන්න.

:       2       16

RaveendraMonday, 02 October 2017 02:45 PM

boru මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන අතර අප එම අදහස පිලිබදව අවංකවම කණගාටු වෙන්නෙමු. මෙහි වැරදි ඇත්තේ මෙම උපාධිදාරින් නොව පවතින අධ්‍යාපන ක්‍රමය. අද පවතින සමාජයට ගැලපෙන සහ අවශ්‍ය ආකාරයට අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු නමුත් මෙතෙක් එසේ සිදුවී නොමැත. අප විස්වාස කරනවා ඔබගේ සහෝදරියක් හෝ සහෝදරයෙක් මෙම තත්වයට පත්වී ඇත්නම් ඔබ මෙලෙස ඔවුනට නොගරහන බව.

:       0       27

Bimal Monday, 02 October 2017 11:50 AM

මහජන මුදලින් ඉගෙනගත්තා නම් අඩු ගානේ තමන්ගේ උත්සාහයෙන් පුද්ගලික අංශයේ රැකියා සොයා ගන්න බැරිද ? උපාධියක් කියන්නේ රජයෙන් හැමදේම අතට පයට සපයා දෙන බලපත්‍රයක් නෙවෙයි.

:       0       0

dhamneth Monday, 02 October 2017 12:18 PM

අන්තරයේ වීරයෝ කව්රුවත් මෙතන නැද්ද?

:       0       0

rocky Monday, 02 October 2017 12:42 PM

කුඹුරු වැඩ ගොවිතැන් වැඩ කරන්නන, රබර් කිරි කපන්න කැමති කවුරුවත් දැන් නැහැ. හැමෝටම ඕන වෙලා තියෙන්න ටැලිපෝන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න ගමන් ආණ්ඩුවේ රස්සාවල් කරන්න. මේක අධ්‍යාපන ක්‍රමයේ වරද. රටේ ඉන්න ඔක්කොටම රස්සා දුන්නත් අපට කමක් නැහැ, හැබැයි පඩි ගෙවන්නේ නැතුව!

:       0       0

Lal Monday, 02 October 2017 03:12 PM

ඔහොම ප්‍රශ්න විසදන්න පුලුවන්ද?

:       0       0

asiri Tuesday, 03 October 2017 03:25 AM

ආණ්ඩුවේ රස්සාවලට මේ තරම් පොරකන්නේ නිකන් ඉන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site