IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියා යන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර )


අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට  අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් මහතා ගම්මන්පිල මහතාට අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ  සුව දුක් බලා ඒමට  අවසර ලබා දුන්නේය.  
 
උදයගම්මන්පිල මහතාට එරෙහිව ඔස්ට්‍රේලියා ජාතිකයකුගෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට වු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී උදයගම්මන්පිල මහතාගේ දරුවකු අනතුරකට ලක්ව ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් දරුවා බැලීමට යාම සඳහා අවසර ලබා දෙන්නැයි  ගම්මන්පිල මහතාගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බලමින් විනිසුරුවරයා  මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (12)

උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියා යන්න අවසර

sirimal Friday, 08 June 2018 07:57 AM

පවුල පිටින් පිටරට පදිංචියට යවලද මහත්තයෝ රට ජාතිය බේරාගන්න ලොකු සටනක් දෙන්නේ?

:       173       362

Ajith Friday, 08 June 2018 08:29 AM

ඕස්ට්‍රේලියාවෙදි අත්අඩංගුවට ගන්න.

:       113       167

Kamal Friday, 08 June 2018 08:30 AM

බටහිර විරෝධී නුතන දේශප්‍රේමීන්ගේ පවුල් ඔක්කොම ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නේ මොකද?

:       3       91

Priyantha Friday, 08 June 2018 08:31 AM

මටම හිනා කොහොමද කතා විදේශ බලවේග

:       106       133

ලසන්ත Friday, 08 June 2018 09:01 AM

දේශමාමක, ජාතිහිතෛශී, හුඟක් දෙනා පවුල් පිටින් ජීවත්වෙන්නේ, වියදම් කරන්නේ නැතහොත් පුරවැසිභාවය ඇමරිකාවෙ, යුරෝපයේ, ඔස්ට්‍රේලියාවෙ තමයි. මෙහෙ ඉන්නේ නිකං නිවාඩුවකට, අතුරුපසකට ගිනි ඇවිලවීමකට නැතිනම් කීයක් හරි හම්බකරගන්න විතරයි!

:       58       235

sumith Friday, 08 June 2018 09:38 AM

කට ඇරියොත් සිංහල බෞද්ධ එකට මොකෝ හත්මුතු පරම්පරාවම පරදේස දීපංකර වල කටේ නරිවාදන් බේරෙනවා කියන්නේ ඕකට .

:       1       53

Ronitha Friday, 08 June 2018 10:02 AM

ඒ විතරක් නෙමේ මෙයාට ඔස්ට්‍රේලියාවෙ එස්තිර පදිංචියත් තියෙනව. ඔය කට්ටිය දන්නවද අයි මෙයාගේ නෝනා ඔස්ට්‍රේලියාවෙ ඉන්නේ ලංකාවේ ඉන්නේ නැතුව කියල?

:       127       50

Sunil Friday, 08 June 2018 11:29 AM

සදීක් රුපියල් 100 ගන්නේ එකතු කරගන්න ටින් එකකුත් තියාගෙන එයාර් පොර්ට් එකේ එලියෙ ඉඳීවිද?

:       13       5

athula Friday, 08 June 2018 12:02 PM

කිසිම අාත්ම ගෞරවයක් ඇති පිරිසක් නොවේ......

:       0       0

ravi Friday, 08 June 2018 12:36 PM

යන්න නම් අවසර දුන්න එක හොඳයි

:       0       0

rasika Friday, 08 June 2018 03:10 PM

මෙතුමා උසස් අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලේ. මෙතුමාගේ ළමයෙක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එකේ වරද මොකක්ද. ජවිපෙ එකේ මහත්වරුන්ගේත් දරුවන් එංගලන්තේ ඉගෙන ගන්නකොට.. ගැටලුව තියෙන්නේ, අපේ අධ්‍යාපන ක්‍රමයේ. මොකද කරන්නේ උසස් පෙළ සමත් උනාට ලංකාවේ කැම්පස් යන්න බැනේ හැමෝටම.. යන්න පුළුවන් 2 % වගේ ගානකට ඉතින් අනෙත් අය‍ට ඉගෙනීම තහනම් ද? මෙතුමා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ලංකාවට සේවය කරනවා. නමුත් ලංකාවේ නොමිලේ ඉගෙනගෙන ගොඩක් දොස්තරලා පිට රට ගිහින් සේවය කරන්නේ. දන්නවද දොස්තර කෙනෙක් වෙන්න ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් කැම්පස් එකේ රුපියල් ලක්ෂ 50 විතර මස 6 කට ගෙවන්න ඕනේ. ඒ විදියට අවුරුදු 5-6 ක් විතර ගෙන ගන්න ඕනේ. එතකොට ලංකාවේ සල්ලි වලින් කෝටි 5ක් විතර ගෙවන්න ඕනේ. ලංකාවේ දොස්තර වෙන්නේ සතයක්වත් ගෙවන්නේ නතුව..

:       0       3

rocky Saturday, 09 June 2018 02:24 AM

බොහොම දේවල් දන්නා බව පෙනෙන රසික උන්නැහේ එයාගේ ගජයෙක් වගෙයි පෙනෙන්නේ! කවුරු කොච්චර වියදම් කරලා කොහේ ඉගෙන ගත්තත් අපට කමක් නැහැ. ඉගෙන ගන්න යුනිවසිටි යන්නම ඕනද? යුනිවසිටි යන හැමෝම එලියට එන්නේ උගතුන් වෙලාද? මහා විභාග පාස් කෙරුවත් මොලේ කලඳක් වත් නැති රටට ජාතියට කිසිම පලක් නැති `උගත්තුත්` ඉන්නවා. මුන්නහේ ඕස්ටේලියාවේ ඉගෙනගෙන ඇවිල්ල මෙහෙ කොරන මහා ` සේවය` මොකද්ද? එහෙ සේවය කොරන්න පුළුවන් කමක් තිබුන නම් උන්නැහේ කවදාවත් මෙහෙ එන එකක් නැහැ. අර ශදික් කවුද කියන සුද්දට වංචාවක් කෙරුව කියන එකත් ලොකු සේවයක් වෙන්නැති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site