IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘උදයංග වීරතුංග ගෙන්වීමට හිට්ලර්ගේ සොහොයුරාට බාධාවක් නෑ‘

(අංජුල  මහික වීරරත්න )


මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය.


හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවද එක්සත් ජාතික පෙරමුණු  ජාතික රජය යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට බාරදීමට සියලු කටයුතු යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා මේ කරුණූ පැවසුවේ එක්සත් ජාතික පෙරමු‍ණේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව අමාත්‍යවරුන් සමඟ කළ කතා බහේදීය.


උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුදානම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට අගමැති ක්‍රියාකළ යුතු බවටත් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් පිළිබදව අමාත්‍යවරුන් මෙහෙදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.


සැගව සිටි මුළු කාලයේදීම උදයංග වීරතුංග සමඟ සබදතා පැවැත්වු හිට්ලර්ගේ සොහොයුරාට උදයංග වීරතුංග මෙරටට ගෙන්විය හැකිවුවත් තනතුරෙන්  ඉවත්වීමෙන් පසු තමා කිසිදු සබදතාවයක් නොපවැත්වු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට තමාට හැකියාවක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.


ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබදතා පවත්වන හිට්ලර්ගේ සොහොයුරා කරන දේවල් තමා කිසිවිටකත් කරන්නේ නැතැයිද අගමැති අමාත්‍යවරුන් හමුවේ පැහැදිලි කර සිටියේය.


අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුව අධිපතිධූරයෙන් ඉවත්වීමේන් පසුව ඔහු සමග තමන්ගේ කිසිදු සබදතාවයක් නොතිබු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.

 



අදහස් (18)

‘උදයංග වීරතුංග ගෙන්වීමට හිට්ලර්ගේ සොහොයුරාට බාධාවක් නෑ‘

janatha anura Tuesday, 26 June 2018 09:32 AM

කයිවාරු තමා වහාම රට අගාදයට පත් කල මහා බැංකු වංචා කරුවන් පාතාලය සමග සම්බන්ධතා පවත්වන ඇමති වරු විරුද්ධ පක්ෂ දේශපාලුවන් වහාම අත් අඩංගුවට ගන්න.

:       16       525

gona Tuesday, 26 June 2018 09:39 AM

ඔබට ඒක අදාල නැද්ද ?

:       203       212

ranga Tuesday, 26 June 2018 09:43 AM

පිට පිට දෙවතාවක් ප්‍රධාන දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බැරි උන ලෝකයේ පළමු දේශපාලන පක්ෂය මේක තමා මම දන්නා විදියට , ඒක තමා තවමත් කියන්නේ මට බැහැ කියලා.

:       60       390

Bamunuarachchi Tuesday, 26 June 2018 09:56 AM

හිට්ලර්ගේ සොයුරාගේ උදහසට ලක්වීම එතරම් ඇඟට ගුණ නැත. පසුව තනියම දුක් වෙන්න වෙවී.

:       281       104

Thilina Tuesday, 26 June 2018 09:59 AM

ඇත්තටම මේ මනුස්සයට ලැජ්ජාවක් කියල එකක ගෑවිලාම නැද්ද ?

:       29       1024

kalani Tuesday, 26 June 2018 10:02 AM

"ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට "

:       0       132

Raveendra Tuesday, 26 June 2018 10:21 AM

ගැලරියට විසිල් පාරක් එක්කම පොඩි කතාවක් දුන්න වගේ... අනේද කියන්නේ කුඹුරේ හතර මායිමවත් දන්නේ නැති අපි නොදන්න නායකයෝ...

:       90       254

නොකවුට් Tuesday, 26 June 2018 10:26 AM

පත් කරනකොට මහ බැංකු ලොක්කා කීවා නේද මම සියළු වගකීම් ගන්නවා කියලා. තමා සුදනා වෙන්න හදන්න එපා.

:       11       537

Cisco Tuesday, 26 June 2018 10:31 AM

අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තර වරෙන්තු කරුවෙක් නොවෙයිද? අර්ජුන් මහා බැංකු අධිපති වශයෙන් පත්කරනවිට ඒ ගැන වගකීම බාරගත්තේ මෙතුමා නොවෙයිද? අපිට බයිලා වැඩක් නැහැ මහබැංකුව හොරා කාපු කට්ටිය නිතිය ඉදිරියට පමුණුවන්න.

:       13       393

indika Tuesday, 26 June 2018 10:40 AM

හොරා කාල ගියාට පස්සේ මුකුත් දන්නේ නැත්නම්, වගකීම බාර ගන්නවා කියන්නේ මොකද්ද?

:       0       296

janu Tuesday, 26 June 2018 10:41 AM

බලයට පත්වුණාම රටට දැනෙන වැඩකට කරේ ඕක විතරයි ....

:       0       62

isurandi Tuesday, 26 June 2018 10:42 AM

මේ හිට්ලර් පටබදියාව දේශපාලන තුරුම්පුවක් වෙලා වගෙයි දැන් .

:       86       138

lalithsjm Tuesday, 26 June 2018 10:48 AM

මෙයට දැන් හොදටම පිස්සුව තද වෙලා එයාට හිත ගන්න බැ මොනාද කියවන්නේ කියල. රාජපක්ෂලාට බනින එකම තමා මෙතුමා මේ අවුරුදු 03 ට කල එකම දේ.

:       380       880

Ravi Dubai Tuesday, 26 June 2018 11:00 AM

මගේ යාලුවනේ ඔහෙලට තේරෙන් නැත්තේ මොකද දේසපාලනය කරන ලොක්කෝ ඔක්කොම කරන්නේ මහජනතාව රවට්ටන එක. ඒගොල්ලන්ට ලින්ක් තියෙනවා හැමදෙයකින්ම.

:       0       0

සේනක Tuesday, 26 June 2018 11:42 AM

ලැජ්ජා නැති අගමැති යන කාලය හරි. දැන් මේයා මරු කියවනවා.මෙයාට කරන්න පුළුවන් එකම දෙය පලිගැනීමයි, බයිලා කියවා කියවා ඉන්න විතරයි. තමුන්නාන්සේ අපේ රටට කරපු වින්නැහියිය හොදටම ඇති. දැන්වත් ජානතාවට පවු නොදි යනවාද?මේච්චරකල් ගහපු බෙරෙකුත් නැහැ ,බෙරේ පලුත් නැහැ මහාත්තයෝ.

:       0       0

Inoka Peiris Tuesday, 26 June 2018 11:52 AM

අර්ජුන්ව ගෙන්නන්න බෑ කියල හරි යන්නෙ නෑ දැන්. බැරි නම් මොකටද අපේ ර⁣ටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවෙදි උඩ පැන පැන කිව්වෙ අර්ජුන් මහේන්ද්‍ර පැනල ගියේ නෑ මඟුල් ගෙදරකය ගියේ, සතියෙන් එනවය, ආවෙ නැත්තන් ඒ වගකීම ගන්නවය කියල. ජනතාව හැමදාමත් රැවටෙන්නෙ නෑ

:       0       0

sampath Tuesday, 26 June 2018 12:09 PM

බණ්ඩක්ක වගේ.. මාර ලිස්සිල්ල.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 June 2018 01:02 PM

රතු වරෙන්තුවක් දාලා මහබැංකු හොරාවත් අල්ලන්න. නැත්නම් 2020 ආයෙත් ලෝක වාර්තා අතරට යන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site