සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවට නුදුරින් පැවැත්වුණු විශ්ව විද්යාල සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් තමන්ට මැතිසබයට පැමිණීමටට බාධා වුණු බව මන්ත්රීවරු කිහිප දෙනෙක් කතානායකවරයාට අද (19) පැමිණිලි කළහ.
මැතිසබයේදී අද මේ පිළිබඳ අදහස් දැක්වු කොළඹ දිස්ත්රික් මන්ත්රී රවී කරුණානායක මහතා පැවසුවේ මේ උද්ඝෝෂණය හේතුවෙන් අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට තමාට පැය එක හමාරක් ගත වුණු බවයි.
රජය දුන් නිදහස අද සමහරුන් වල්බූරු නිදහසක් ලෙස යොදාගෙන ඇතැයිද ඊට ඉඩ නොදෙන්නැයිද තමා ඉල්ලීමක් කරන බවද කරුණානායක මහතා ප්රකාශ කළේය.
මෙහිදි අදහස් දැක්වු රත්නපුර දිස්ත්රික් මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා,
බාහිර දේවල් නිසා මන්ත්රීවරුන්ගේ පාර්ලිමේන්තු ගමනට බාධා පැනවීම හොද තත්ත්වයක් නොවේ යැයි පැවසීය.
මේ අවස්ථාවේදී මුලසුනේ සිටියේ අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී ශෙහාන් සේමසිංහ මහතායි.‘‘ මම මේ ප්රශ්නය කතානායකතුමාට දැනුම් දී පියවරක් ගන්නම් පොලිස්පතිවරයාටත් දැනුම් දෙනවා‘‘ යැයි සේමසිංහ මන්ත්රීවරයා කීය.
COMMENTS
අපොයි ඉක්මනට එන්න ඕනනේ හරියට වැඩ මේගොල්ලන්ට
සරසවි සිසුන් විතරක් නොවේ රටේ මුළු මහත් ජනතාවම එකතු වෙලා මෙතුමන්ලගේ පාර්ලිමේන්තු ගමන සදහටම නවත්වමු. තාවකාලිකව බාධා කරලා මදී.
මහත්තයෝ අපි උදේ වැඩට යන්නෙ පැය තුනක් රස්තියාදු වෙලා. හවස ගෙදර යන්නෙ එහෙමයි. බස් වල පොල් පටවලා සෙනග. දුම්රියේ කැඩිච්ච ෆෑන් හදලා දෙන්න කවුරුවත් නෑ.අපි ගැනත් කථානායකතුමාට කියන්න
අපොයි ඔව් පාවඩ එළලම ගෙන්න ගන්න ඕනෑ කට්ටිය. මේ කට්ටිය රටට අපමණ බරක්. ආවත් එකතුවෙලා මහ බැංකුව හොරාකන හැටි ගැන සාකච්චා කරනවා ඇති.
රතු ඉර වඳින්නේ නැත්නම්, වැටුප් රහිත සේ සලකන්නෙත් නැත්නම්, විවාදවලදී හරවත් අදහස් ඉදිරිපත් කරන්නෙත් නැත්නම්, ආපන ශාලාවේ ආහාර වේල වරදින්නෙත් නැත්නම්, පැමිණීමේ දීමනාවත් ලැබෙනවා නම් අනේ මොකටද කතානායකතුමාට කරදර කරන්නේ...?