IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුරු සබේ ශ්‍රිලනිපේ 13 ක් පොදු පෙරමුණට

(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පළාත් සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් 13  දෙනෙක් අද(29) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.
 
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති පළාත් සභා මන්ත්‍රි එස්.එම් රංජිත් සමරකෝන් මහතාගේ අනුරාධපුර පිහිටි මහජන සම්බන්ධිකරණ කාර්යාලයේදි ඔවුහු අද(29)පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව දැනුම් දුන්හ.
 
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමති එස්.එස් රංජිත් සමරකෝන්, හිටපු ඇමතිවරුන්වන එච්.බි සේමසිංහ, කේ.එච් නන්දසේන, හිටපු සභාපති ටි.එම්.ආර් සිරිපාල, මන්ත්‍රිවරුන්වන කේ.පි සරත් කුමාරසිරි, ගමගේ විරසේන, උපාලි විජේකෝන්,කල්යානි කරල්ලියද්ද, ජනක් මහේන්ද්‍ර අධිකාරි, අබ්දුල් හුසේන්, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ඇමතිවරයකුවු ආර්.එම්.පි.බි රත්නායක, මන්ත්‍රිවරුන්වන ජි.ජි චන්ද්‍රසේන සහ අමරකිර්ති අතුකෝරල යන මහත්වරුන් මෙසේ සාමාජිකත්වය ලබා ගත් බව රංජිත් සමරකෝන් මහතා තහවුරු කළේය.



අදහස් (20)

උතුරු සබේ ශ්‍රිලනිපේ 13 ක් පොදු පෙරමුණට

dias Friday, 29 September 2017 11:00 AM

ලබන පාර 10 දෙනෙක් ගෙදර. අලුත් තරුණයින්ට අහ දෙන එක ලොකි දෙයක්.

:       0       0

Ruwan Friday, 29 September 2017 11:14 AM

ඔබලා කිසිම දෙයක් මහජනතාව වෙත නොකරපු බව ඔය පළාතේ සියලු දෙනා පැහැදිලිවම දන්නා දෙයක්. එම නිසා ඔබට මහජන මතයක් නැති බව සියලුදෙනාම දන්නා පොදු නියමයක්. ඔබලා සමග මහජනතාව නොයන බව ඔබලාගේ අභ්‍යන්තරය හොඳින්ම දන්නා බව පමණක් ඔබට කියනු කැමැත්තෙමි.

:       554       1703

shameer Friday, 29 September 2017 11:30 AM

නියමයි... නියමෙට පක්ෂේ සුද්ද වෙනවා...

:       125       196

Nishan Friday, 29 September 2017 11:50 AM

ඇයි මෙච්චර පරක්කු වුණේ? ඇමතිකම් ආපහු දෙනකන් හිටියද?

:       85       108

Hafeel Friday, 29 September 2017 12:20 PM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක වවුණානම්, ඔය සේරම ඉදිරියේ අනාථ වෙනවා.

:       113       203

sahan Friday, 29 September 2017 12:35 PM

අනේ මෙන්න කට්ටියක් සිය දිවි නසාගන්න යනවෝ, බඩ යන පක්ෂෙට බැඳෙන්නේ මහා රජා සමග එකට හිටිය පිරිස තමයි.

:       335       282

LapayaFriday, 29 September 2017 02:56 PM

ආප්පයක් කෑවානම් ඔහොම යන එක නවතීවි.

:       1       6

purawasiya Friday, 29 September 2017 02:02 PM

ඉස්සර වගේ හිතු හැටියට හම්බ කරන්ඩ බෑ නේද මචෝ. මෙයින් බාගයක්ම ලබන මැතිවරණයේදී දොට්ට බබෝ. ජනතා විමුක්ති පෙරමුනට මහඟු අවස්ථාවක් තියෙනවා ඉදිරියට ඒමට. බුරුතු පුටින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හොරු අයින් වේ.... අපි ජනාධිපතිතුමාත්.ඉල්ලනේ තරුණ ජවය පක්ෂයටත් ලබාගන්ඩ කියයි .

:       0       0

palitha Friday, 29 September 2017 02:34 PM

අපිටත් ඕනෑ ඔය ටික තමයි. ඒ පක්ෂය දෙකට කැඩුණාම අපි ගොඩ. එතකොට අපි නිකම්ම දිනුම්.

:       58       2

C.K.LANKAPUTHRA Friday, 29 September 2017 02:44 PM

ගිලෙන බව ස්ථිරවම දැන දැනම සොරකම් කරන පිරිසක්...

:       79       57

nimal madawala Friday, 29 September 2017 05:11 PM

තමන් විසින්ම තමන්ගේ මරණ සහතිකය ලියාගන්නවා. අපි මොන කරන්නද? අනේ යන්න අපට වද නොදී... කුණු යන්නේ කුනුගොඩට තමයි.

:       2       4

sam Friday, 29 September 2017 05:24 PM

ජයවේවා. ජය නියතයි !!!

:       4       2

Ajith Nissanka Saturday, 30 September 2017 03:23 AM

අයියලාගේ සයිස් එක දැක්කහම නියෝජනය කරන්නේ කාවද කියල හිතාගන්න පුළුවන්!

:       7       2

lion Saturday, 30 September 2017 03:39 AM

හොඳට බලන්න ඔය ඇගවල් දිහා .ජරාව කාල තියෙන තරම පේනවා.ඒ වැඩට හොඳම තැන තමයි මහා හොරා ලඟට යනඑක

:       19       33

parakum Saturday, 30 September 2017 08:05 AM

කීපදෙනෙකු ඉන්නවා. අනිත් පළාත් සභාවලත් ඔවුන් අයින් වෙන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට හොඳයි. මෙම රටේ මිනිස්සු බුද්ධිමත්. මිනීමැරූවන් තක්කඩින් සහ හොරු මින් ඉදිරියේ කිසිම පක්ෂයකින් බලයට ගෙන නොඑනු ඇත. මෛත්‍රි මැතිතුමා යන මග හරි. ඔබතුමාට සියලු දේවතා ආරක්ෂාව ලැබේවා. !!!

:       3       18

gamini Saturday, 30 September 2017 08:08 AM

ඔය අපේ නායකයෝද කතා කරන්නේ? මෙච්චර කල් කාපුවා ආපහු ගෙවන්න. සබරගමුවේ මහාකෙනාවත් යවන්න ඕනෑ.

:       1       21

Rohana Saturday, 30 September 2017 08:19 AM

ඔය හොරු ටික යන එක උතුරු මැද පළාතේ ජනතාවට කරන ලොකුම දෙයක්. යන්නේ නියම තැනට.

:       2       25

gamini Saturday, 30 September 2017 12:19 PM

දක්ෂ තරුණ කොටසක් මෙවර පළාත් සභාවට යවමු. පරණ හොරුන් ගෙදරම අරිමු.

:       1       3

Rohana Sunday, 01 October 2017 10:49 AM

ඇඟවල් දිහා බැලුවම පේනවා පට්ට හොරු. මේ 13 දෙනාවෙන්න ඇති එදා ජේසුතුමා පවා දුන්නේ? තරුණ උගත් කොල්ලෝ දාන්න.

:       0       0

rocky Monday, 02 October 2017 01:03 AM

සයිස් එකෙන් පේනවා සංවර්ධනයේ මහිමය! ඔහේලට දිග නිවාඩුවක් ලබාගන්න එක කොහොමටත් ගුණයි! පරාජය ෂුවර් බව දන්නා පට්ට තක්කඩි කණ්ඩායමක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site