IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උතුරේ වෛද්‍යවරු හිඟ වැටුප් ඉල්ලා වැඩ වරති



(සිතුම් චතුරංග)
          
උතුරු පළාතේ සේවය කරන වෛද්‍යවරුන්ගේ හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා උතුරේ රෝහල් රැසක වෛද්‍යවරු අද (14) උදෑසන සිට වැඩවර්ජනයක නිරත වූහ.

2015 චක‍්‍රලේඛන අනුව වැඩිවිය යුතු විශේෂ දීමනා, අතීකාල දීමනා හා හිඟවැටුප් මෙතෙක් ලබාදීමට කටයුතු නොකර ඇති බවට පවසමින් වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරතවිණි.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත‍්‍රික්කයන් හි රෝහල් රැසක දෛනික කටයුතු අඩාල වී තිබේ.

වැඩවර්ජනයෙන් රෝහල් වෙත සායනික කටයුතු හා ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි පීඩාවටපත්ව සිටි අතර හදිසි ප‍්‍රතිකාර පමණක් සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

වෛද්‍යවරුන් පැවසුවේ වෙනත් පළාත්වල සිටින වෛද්‍යවරුන් වෙත හිඟ වැටුප්, අතීකාල දීමනා හා විශේෂ දීමනා සියල්ල ලබාදී ඇති බවත් උතුරේ වෛද්‍යවරුන් වෙත ලබාදීම මාස ගණනක් ප‍්‍රමාද කර ඇති බවත්ය.
 



අදහස් (2)

උතුරේ වෛද්‍යවරු හිඟ වැටුප් ඉල්ලා වැඩ වරති

දිමුත් Monday, 14 May 2018 06:32 AM

ඉතින් මිනිස්සු උතුරට සේවය කරන්න යයිද?

:       0       16

THILINA Monday, 14 May 2018 07:33 AM

නියමයි. සංහිඳියාවට අපමණ අගයක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site