( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ලබන සැප්තැම්බර් 5 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනය බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
එදිනට මීට අදාළව කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දන්වා තිබේ.
ඉකුත් අගෝස්තු උතුරු පළාත් ධීවර අමාත්‍ය ධූරයෙන් තමන් ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය ඩෙනීෂ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය ඔහු එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
එම අතුරු නියෝගය නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වාදෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා එවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද සිය පෙත්සමින් කියා සිටී.
මේ හේතුවෙන් අභියාචනාධිකරණය මගින් නිකුත් කර ඇති තහනම් නියෝගය විසුරුවා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා