(රඹෑව මනුල වික්‍රම)
උතුරු මැද පළාතේ රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ රෝගීන්ගෙන් සියයට පනහකට පමණ එම රෝගය වැළඳී නැති බව දෙවනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
වකුගඩු රෝගය සම්බන්ධයෙන් එවැනි වැරැදි දත්ත ලැබීමට හේතුව මෙම පරීක්ෂණය සඳහා ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර භාවිත කිරීම බවද විශේෂඥ වෛද්‍යවරයා පළාත් ලේකම්වරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ. ජීව රසායන විශ්ලේශක යන්ත්‍ර මිලදී ගැනීමේදී තෝරාගත යුතු මාදිලිය සම්බන්ධයෙන් වසර දෙකක පමණ කාලයක සිට මිලදී ගැනීමේ කමිටුව තීරණයක් ගත නොහැකිව අවුලක පැටලී සිටින බවද එම ලිපියෙහි සඳහන් කරන විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා ගුණාත්මක භාවයෙන් ඉහළ යන්ත්‍ර මිලදී ගන්නා ලෙස තමා යෝජනා කරන බවද එහි සඳහන් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර භාවිත කරමින් සිදුකරන මූලික පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බව වැරැදි ලෙස අනාවරණය වීමෙන් රෝගීන් බරපතළ මානසික කඩාවැටීමකට පත්වනබවද විශේෂඥ වෛද්‍යවරයා එම ලිපියෙන් කියා සිටී. මේ අතර විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා මහතාද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතාගේ ලිපියෙහි සඳහන් කරුණු සත්‍ය නම් උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බවද ඒ නිසා යන්ත්‍ර ආනයනය කරන සමාගම්වල නියෝජිතයින්, ජීව දත්ත ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන් හා අදාළ අනෙකුත් පාර්ශ්ව කැඳවා හදිසි රැස්වීමක් පවත්වන්නැයි ද වෛද්‍ය ධම්මික ද සිල්වා මහතා ප්‍රධාන ලේකම්වරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ.
දැනට භාවිත කරන යන්ත්‍රවල නිවැරැදිභාවය පරීක්ෂා කිරීමට මෙතෙක් ප්‍රකාශ කර ඇති වකුගඩු රෝග පිළිබඳ දත්ත හා ප්‍රතිඵල නැවත පරීක්ෂාවට භාජන කිරීමටත් කඩිනම් පියවරක් ගත යුතු බවද ඔහු කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ප්‍රයිවට් හොස්පිටල් ප්‍රමෝට් කරනවා නෙමෙයි. නමුත් ඔබ හැකි හැමවිටම ලොකු හොස්පිටල් එකකට අනුබද්ධ රසායනාගාරයකින් පරීක්ෂණ සිදු කර ගැනීමට උත්සාහ කරන්න. ආණ්ඩුවේ රෝහල් වල රසායනාගාරත් බොහෝ විට නිවැරදියි. හැම තැනම ප්‍රමිතියක් නැති රසායනාගාර ගුබ්බායම් අටවාගෙන අහිංසක මිනිස්සු හුරගෙන කනවා.
මේ වකුගඩු සායන කියන ඒවා බොරු. මේ සියල්ලම කොම්පැනි කාරයන්ගේ හොර වැඩ. ඔබට වකුගඩු අමාරුනං ආයුර්වේද වෙද මහත්තයක් ලගට යන්න ඉස්සෙල්ල . දොස්ටරලා සහ ඉස්පිරිතාල සේරම කරන්නේ ගසාකෑම.
උතුරු මැද පළාතේ රෝහල්වලට සපයා ඇති ජීව රසායන විශ්ලේෂක යන්ත්‍ර ප්‍රමතියෙන් තොර බව කියවෙයි. එම යන්ත්‍රවලින් ලබාගත් වාර්තා වැරදි කියවීම් සහිතයි. නිරෝගී මිනිසුන් රෝගීන් ලෙස හඳුන්වා දෙමින් කරන මේ අමානුෂික වැඩපිළිවෙල වහාම නතර විය යුතුය. ප්‍රමිතියෙන් යුත් ජීව රසායන විශ්ලේෂණ යන්ත්‍ර ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
මේකත් අර තහනම් කරපු පොහොර ටික මර්කට් කරන්න කරපු මගඩියක්ද දන්නේ නැහැ පොඩ්ඩක් එකත් හොයල බලන්න. අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු සල්ලිවලට හරි හොද වැඩ කරනවා එකයි කිව්වේ