(සිරාජ් හසීම්)
උතුරු පළාත් සභාව තුළ මහවිරු සැමරුමක් පැවැත්වීමට එම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු විසින් කරන ලද ඉල්ලීම පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා අද (23) ප්‍රතික්ෂේප කර ඇත.
උතුරු පළාත් සභාවේ 110වන සැසිවාරය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පළාත් සභා මන්ත්‍රි ඊ.ආර්නෝල්ඩ් මහතා විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබ තිබේ.
දෙමළ ඊලමක් වෙනුවෙන් දිවි කැපකළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකර උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වශයෙන් පළාත් සභාව තුළ සැමරුමක් කළ යුතු බව එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි..
මෙහිදී සභාපතිවරයා මහවිරු සැමරුම් පළාතේ ස්ථාන රැසක පැවැත්වෙන හෙයින් පළාත් සභාව තුළ සැමරුමක් කිරීමේ අවශ්‍යතාවක් නැති බව පැවසීය.
COMMENTS
කට්ටිය කොටි සමරලා ,තව තවත් සිංහලයින් ව කුපිත කරලා ඉල්ලගෙන කාපුවහම එනවා මෙන්න ගහනාවෝ කියන්න. වත්මන් ආණ්ඩුව සියලුම සැමරුම් සීමා කොට තියෙන මොහොතක දෙමල මන්ත්‍රීන් ට අවශ්‍ය කුමක් ද? නැවත දෙමල මිනිසුන් යුද්දෙකට තල්ලු කිරීමද ?
උතුරු පළාත් සභාවේ සබාපති තුමාට අපේ ප්‍රණාමය.