IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් යුද හමුදා කඳවුරු වෙතත් ස්ථානවලට ගෙනයෑමේ වියදම් වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි දහයක මුදලක් අනුමත කරවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද  (7) ඉදිරිපත් කෙරිණ.

යුද හමුදාව සඳහා මෙම මුදල් වෙන් කෙරේ.

මෙයට අමතරව සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය වැඩි දියුණු කිරීම හා පහසුකම් සැපයීම සඳහා රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක් ද ආරක්‍ෂක අමාත්‍යංශයට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ දෙලක්‍ෂ පනස් දහසක් ද අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරිණ.

ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙයට අමතරව මුස්ලිම් දේවස්ථාන හරහා මුස්ලිම් ජනතාවට රටඉඳි සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට රුපියල් දොළොස් කෝටි දස ලක්‍ෂයක මුදලක් ද භූමි කම්පාවෙන් හානියට පත්වූ නේපාලයේ පූජනීය ස්ථාන නවීකරණය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයට රුපියල් දස කෝටි පනස් ලක්‍ෂයක මුදලක් ද සුවසැරිය ගිලන් රථ සේවය ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි 33 කට ආසන්න මුදලක් ද පාසල් හා උසස් අධ්‍යාපන වාර ප‍්‍රවේශ පත‍්‍ර සහනාධාර හා සන්නද්ධ හමුදා සඳහා විදෙස් ගමන් බලපත‍්‍ර දීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 525 කට ආසන්න මුදලක් ද බෙල්ලන්විල විමලරතන හා ගිරාඹේ ආනන්ද නාහිමිවරුන්ගේ අවමංගල්‍ය පූජෝත්සවය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීම සඳහා දැරීමට සිදුවූ වියදම් වෙනුවෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට රුපියල් පනස් ලක්ෂයක් ද සපයන ලෙස ඉල්ලා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරිණි.



අදහස් (6)

උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්

game eka Tuesday, 07 August 2018 10:50 PM

රට ඉඳි කවන්න කෝටි 12????

:       40       42

HafeelWednesday, 08 August 2018 07:57 AM

මේක පට්ට පල් බොරුවක්. රාමසාන් උපවාස පටන් ගන්න කලින් ආණයන කල රට ඉඳි කිලෝවකට රු 60 ක අමතර බද්දක් ආණ්ඩුවෙන් පැනෙව්වා. මේ ගැන පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක සහෝදරයා විමසුවා. එහම නං කොහොමද මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට රුපියල් දොළොස් කෝටි දස ලක්‍ෂයක මුදලක් අවශ්‍ය වෙන්නේ? මේවා ජනතා මුලා කරන සහ ජාතීන් අතර වෛරය වපුරණ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. මේ ආණ්ඩුවේ හොරු අල්ලනවා වගේ තමයි මේකත්.

:       0       26

samarapala Wednesday, 08 August 2018 03:01 AM

කදවුරු වෙනස් කරන එක අනෙකුත් පළාත් වල නම් ඕනේ වෙලාවකට ඕනේ තැනකට කරන්න පුළුවන්. ඔය පළාත්වල අමාරුයි. එක නිසා කල්පනාකාරී වෙන්න ඕනේ. අන්තිමේදී ප්‍රශ්න ඇතිවුනොත් ආයිමත් පෙර වගේ ගැටුම් ඇතිවෙයි.

:       0       1

tikiri Wednesday, 08 August 2018 05:25 AM

එතකොට ඇම්බියුලන්ස් වලටත් අහිංසක අපේ මුදල් ?කතාකරන්නේ නම් නොමිලේ කියල බලනකොට අපිටම කෙලවිලා.

:       8       44

දුල්ම Wednesday, 08 August 2018 08:29 AM

අනේ ඔව් කෝටි ප්‍රකෝටි ගණන් දෙන්න අපි බදු ගෙවන්නම්.

:       0       0

රුක්මාල් Wednesday, 08 August 2018 09:24 AM

රටඉඳි වලට කෝටි 12යි. හමුදා කඳවුරු ඉවත් කරන්න කෝටි 10යි.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site