IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්

උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක‍්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
 
ද්‍රවිඩ දේශපාලන නායකයින් සිංහල පොලස් නිලධාරීන් විශ්වාස කරන තරම් දමිළ පොලිස් නිලධාරීන් විශ්වාස නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවද ඔහු කීවේය.
 
යාපනයේ කයිට්ස් ප‍්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දූපත් වල ජීවත්වන ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් ඉටුකිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දූපත් අතර මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. 
 
හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්. ජී. එම්. සී. පලිහක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙම යාත‍්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කරතිබූ අතර මේ සඳහා මිලියන 132ක් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලදී. 



අදහස් (4)

උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්

Sathyayaa Tuesday, 26 December 2017 03:12 PM

උතුරේ කොටි ආරක්ෂා කරන දකුණේ "සිංහළ" දේශපාලකයොත් හිටිය කාලයක් තිබුනා. දැනුත් දකුණේ සමහර අය උතුරේ වර්ගවාදී දේශපාලකයින්ව ආරක්ෂා කරනවා.

:       0       5

Bamunuarachchi Wednesday, 27 December 2017 11:50 PM

උතුරේ කොටි ආරක්ෂා කොරන "සිංහල" දේසපාලුවන් ඉස්සරත් සිටියා ඒගොල්ලෝම දැනුත් ඉන්නවා.

:       0       0

Bamunuarachchi Thursday, 28 December 2017 02:02 PM

මිස්ටර් ප්‍රබාකරන්, ප්‍රබාකරන් මැතිතුමා කීව සිංහලයොත් සිටියා

:       0       0

Bamunuarachchi Friday, 29 December 2017 11:15 AM

මිස්ටර් ප්‍රබාකරන් කියලා කීව්ව සිංහලයොත් සිටියා... ඒ ගොල්ලෝ දැනුත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site