(එෆ්.අස්ලම්)
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතාට ලබන 20 වැනදා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස අද(6)වනදා කැඳවීමක් සිදුකොට තිබේ.
අමාත්‍යවරයාගෙන් ලංකාදීපය කරන ලද විමසුමකදී ඒ බව තහවුරු කළ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු සිය කාර්යාලයට පැමිණ මෙම කැඳවීම බාර දුන් බව හෙතෙම කියා සිටියේය.
වවුනියාව ඉරට්ටපෙරියකුලම් විද්‍යාලයේ පසුගිය වසරේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට අදාලව මෙම කැඳවීම සිදුකොට ඇත.
මෙම විමර්ශනය සඳහා 5 වැනි දා පැමිණෙන ලෙසට කැඳවීම් නිකුත් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 29 වැනිදා එම අමාත්‍යංශයට ගියද අමාත්‍ය සර්වේෂ්වරන් මහතාගේ නම පරමේෂ්වරන් යනුවෙන් සඳහන් වීම නිසා කැඳවීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd