IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරේත් ලංගම සේවකයෝ වැඩ වරති


 
 
සිතුම් චතුරංග

          
වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උතුරු පළාතේ සේවය කරන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් අද (4) වැඩවර්ජනයක නිරතවූහ.


දිවයිනපුරා ලංගම සේවකයින් විසින් වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩවර්ජනයට සහයෝගය පලකරමින් උතුරු පළාතේ ලංගම සේවකයින්ද වැඩවර්ජනයේ නිරතව සිටිති.


වවුනියාව , මන්නාරම ,යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ ලංගම සේවකයින් , බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙලෙස සේවයෙන් ඉවත්ව සිටිති.


වැඩවර්ජනයේ නිරත ලංගම සේවකයින් පවසා සිටියේ තමන්ගේ ඉල්ලීම් සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයා සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු වැඩවර්ජනයේ නිරතවන බවයි.


ලංගම සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරු පළාතේ දුෂ්කර ප‍්‍රදේශවල සිට ගමන්කරන පාසල් සිසුන් සඳහා බස්රථ නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ජනතාවද පීඩාවට පත්ව සිටියහ.


උතුරු පළාත තුළ ලංගම බස්රථ වැඩවර්ජනයේ නිරත වුවද තමන් සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය කරන බව වවුනියාව පෞද්ගලික බස් සංගමය සඳහන් කළේය.

ඡායාරූප - රොමේෂ් මධුෂංක



අදහස් (0)

උතුරේත් ලංගම සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site