(එෆ්.අස්ලම්)
තමා පුනරුත්තාපනය කළ යුතුද යන්න තීරණය කිරීමට පෙරාතුව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා උතුරට පැමිණ සැබෑ තත්ත්වය සොයා බැලිය යුතු බවත්, පුනරුත්තාපනය කළයුත්තේ කාවද යන්න එවිට ජනතාව පවසනු ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන්කළේය.
විග්නේෂ්වරන් , සිවාජිලිංගම්,විජයකලා යන අය විශ්වමඩු කදවුරට යවා පුනරුත්තාපනය කළයුතු බවට රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
‘‘මම සිංහල චිත්‍රපට සා සම්බන්ධ බොහෝ අය ආශ්‍රය කරපු කෙනෙක්.රංජන් මම ඒ පැත්තෙන් හඳුනන්නෙ නැහැ.එහෙත් ඔහු භාවාත්මක චරිතයක් කියල මම දන්නවා.මම කතා කරන කියන දේවල් ගැන පුවත්පත් වලින් දැකලා විවේචනය කරනවා.
මං ආසයි රංජන් මේව සියැසින් දැකල ඇත්ත තේරුම් අරන්ම ඒ ගැන කතා කරනවා නම්. අපව පුනරුත්තාපනය කළ යුතුයිද නැතිද කියල තීරණය කරන්නට රංජන් රාමනායක අමාත්‍යවරයට උතුරට පැමිණෙන්න කියා ගෞරවයෙන් සහ මහත් ආදරයෙන් ඇරයුම් කර සිටිනවා.
අපගේ ජනතාවට නිසි ආරක්ෂාවක් නැහැ. අපට බලතල නැහැ.අපගේ අදහස් වලට දකුණෙන් ඉඩක් නැහැ.අපට ගෞරවයක් නැහැ.අපව ප්‍රතික්ෂේප කරනවා.අපගේ අවශ්‍යතා ඉටුකරලන්න රංජන් අමාත්‍යවරයා මූලිකත්වය ගත යුතුයි.අපට නැති දේවල් ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් ඉටුකරල දුන්නොත් අපත් ඔහු කෙරෙහි ආදරය සහ ගෞරවය දක්වනවා. උතුරේ වත්මන් තත්වය ඇවිත් බලල යන්න කියල මම නැවතත් රංජන් රාමනායකට ඇරයුම් කර සිටිනවා.
උතුරට ඇවිත් හමුදාවෙන් හෝ පොලිසියෙන් හෝ තම පාක්ෂිකයින්ගෙන් තත්වය ගැන අහල වැඩක් නැහැ.මහජනතාවගෙන් ඔවුන් සිටින තත්වය ගැන අහන්න ඕනෑ.එවිට ඔවුන් පවසයි කාවද පුනරුත්තාපනය කළ යුත්තේ කියලා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දැන ගන්න ඕනෑ එයාලට නැති අපට තියෙන දේවල් මොනවද කියලා තාම?
මට පේන විදියට පට්ට කොටියෙක්... මෙයාව පුනරුත්තාපනය නෙවෙයි කකුල් දෙකෙන් අල්ලලා හිරේ දාන්න ඕනෑ.
උතුරට එන්න කියලා ලබාදුන්නු දුරකථන ඇමතුම පටිගත කලේ නැද්ද රන්ජන් මහත්තයෝ?
දෙමළ ජනතාවට උතුරු වසන්තය හරහා වෙමින් තිබුණු සංවර්ධනයනේ නැති කරගත්තේ. දැන් ඉතින් හූල්ලනවා.
නළුවන්ට එන්න කියලා ආරාධනා කරලා වැඩක් නැහැ. අපිට වැඩිය හොඳට ද්‍රවිඩයන් දැන් ලංකාවේ හැමතැනම ජීවත් වෙනවා, අග නගරයේ ඉන්න 90% ද්‍රවිඩ මිනුස්සු කෝටිපතියෝ. උතුරු පළාතේ එදා හිටපු මුස්ලිම් සහ සිංහල මිනිස්සු අද කෝ? මේ ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට මිසක් උතුර විතරක් ද්‍රවිඩ ජනතාවට පමණක් නොවෙයි. ඒ මුස්ලිම්, සිංහල මිනිසුන්ට වුනේ මොනවද? ඒ ගැන කතා කරන්නේ නැහැ නේද.? උතුර මේ තත්වයට සිංහලයින් පත් කළාද? තමුන්ගේම ද්‍රවිඩ ජාතිකයින් සහ තමුන් වගේ දේශපාලකයින් විසින්ම නේද? දැන්වත් තේරෙනවද වෙනස...?
මොනවද මෙයාලා මේ මෙච්චරටම ඉල්ලන දේවල් ..? කොටි සංවිධානය මර්ධනය කරලා මරබියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කම හදලා දීලා තියෙද්දිත් තව මොනවද මෙයාලට විතරක් මේ දෙන්න කියන්නේ..?එහෙනම් ඉතින් රටේ අනිත් ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ටත් කොච්චර ප්‍රශ්න තියෙනවද..?
මේ කෙනා උසාවියේදී දීපු තීරණ සාධාරණද? යුක්තිසහගතද? නීතියට අනුකූලද? නැවත සොයාබලන්න. සිංහල මිනිස්සු අතර ඉපදිලා ජීවත්වෙලා කොටින්ම කඩේ යනවා. මේ අය මහ වැඩක් නැති මිනිස්සු....
යන්න එපා රන්ජන්, ඔය කොටියා ඔබට හානි කරන්න පුළුවන්...
උතුරේ තිබෙන තත්වය කුමක් වූවත් එය වෙනස් කරන්න නැවත ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග වලින් හැකිවේයැයි සිතීම මුලාවකි. ඒ වගේම ඉන්දියාව හා බටහිර රටවල් හරහා එය කර ගැනීමට නොහැකීවී ඇත්තේද ඔවුන් උතුර, නැගෙනහිර සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන බැවින්ය. ඒ නිසා අනිවාර්ය හා එකම සාධකය වන්නේ බහුතරය වන සිංහල ජනතාවගේ හොඳ හිත හා ආශිර්වාදය ලබාගෙන තම ප්‍රදේශවල ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම වන අතර වසර තිහක කුරීරු යුද්ධයේ වැඩිම වගකීම දෙමළ ජනතාව නියෝජනය කළ දේශපාලනය බාර ගතයුතු බවට මතක් කරදෙමු.
හලෝ විග්නේශ්වරන් උතුරට ආරක්ෂාව දෙන්නේ කොහොමද? හමුදා කඳවුරු ඉවත් කළාම... කේක් එකතියා ගන්නත් ඕනේ කේක් කන්නත් ඕනේ නේද?
මෙයාව හදන්න පුනරුත්ථාපනය කරලා බැහැ... හෙට්ටිවීදියට යවලා මකවලා හූරලා තවකෙනෙක් හැදුවොත් තමයි.
මං මේ කල්පනා කරන්නෙ මොහු අහපු නඩු වල මොන විදියෙ තීන්දු තිබුණද කියල
ඒ මහත්තයගෙ ප්‍රකාශයට කවුරුත් ප්‍රකෝපවෙලා.හෙමකෙනෙකුටම අපි ගෞරව කල යුතුයි .එතුමාගෙ ගෞරවාන්විත ආරාධනය රන්ජන් මහත්තයා පිලිගනිය් කියලය් මගේ අදහස.
සිංහල මිනිස්සු නැවත උතුරේ පදිංචි කල යුතුයි. ශ්‍රී ලංකාව තුල වෙනම ජනවර්ගයක් සිටිය නොහැකියි, ලංකාවේ මවු බස කතා නොකළ හැකි. මෙම ප්‍රශ්නයට ස්ථාවර විසදුම වන්නේ දෙමල ජන කොට්ටසය සිංහලයන් හා මිශ්‍ර වීමයි. නැතහොත් සමද දෙමල ජනතාවට තමන් වෙනස් ජන වර්ගයක් බව හිතේ. උතුරත්, ලංකාවේ කොළඹ මෙන් ජනයා මිශ්‍ර වුනොත්, ඔවුනට තමන් වෙනස් යන හැගීම බොහෝ දුරට අඩුවේ. අප වෙනම ෆෙදෙරල් විසදුමක් දුන්නොත් එය අවසන් වන්නේ, ඉන්දියාව සහ පකිස්ටනය මෙන් වෙන් වෙලය. එදා සිට අපට ඉතුරු වන්නේ රටවල් දෙකක් අතැර යුද්දයකි. දේශපලකන් මෙලෙස දුර බල, ක්‍රියා සහ ප්‍රකාශ නිකුට් කල යුතය. නෙතහොත් ඊට වන්දි ගෙවන්නේ අනාගත දරුවන්ය. පසුගිය අවුරුදු 30 තුල අප වන්දි ගෙව්වා මෙන්.
උතුරු නැගෙනහිර ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන ප්‍රමිතිය අපට සාපේක්ෂව පහල මට්ටමක තියෙන නිසා ඔවුන් අප ගැන ශුභවාදීව නොසිතන නිසාත් එහි දේශපාලඥයින් එය තමන්ගේ වාසියට හරවාගෙන තිබේ.
අපේ ඉතිහාසයට අනුව නම් උතුරේ ජිවත් වුයේ ආර්ය වංශික සිංහලයින්.එහෙත් නොයෙක් වතාවල හුදකලා බිම් ප්‍රදේශයක් වූ උතුර චෝල ආක්‍රමණයේ බලපෑම් මත දෙමල බස ව්‍යාප්ත උනා. අද දෙමල කියමින් බොහෝ දේ ඉල්ලන්නේ අතීත සිංහලයින්. විග්නේස්වාරන් මහා ඇමතිතුමා මේ කරුණු නොදන්නවා විය නො හැක.
අපි මෙහෙ තෙලෙන් කාලා කිරෙන් අතහෝදනවා විග්නේෂ්වරන්... කොළඹ ඉපදිලා, හැදිලා වැඩිලා, අධ්‍යාපනය ලබලා, මහාධිකරණ විනිසුරුවරයෙක් වෙලා විශ්‍රාම ගිය ඔබ දකුණේ මිනිසුන්ගේ ආර්ථික පසුබිම දන්නෙ නැහැ. නිකං බොරු නැතුව ඉන්න...
රන්ජන්ට ආරාධනා කරලා පමණක් මදි. එතුමාට එන්න වීසාත් දෙන්න.
විග්නේශ්වරන්, ඔය කියන ප්‍රශ්න සියල්ලම දකුණටත් තියෙනවා. එ්ක නිසා ආරාධනා කරනවා දකුණටත් ඇවිල්ලා බලන්න කියලා... ඔය කියන ප්‍රශ්න ගැන... දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න ඔක්කොම සිංහල, ජනතාවටත් තියෙනවා ඕනෙවටත් වැඩියෙන්...
උතුරේ සිංහල අය පදිංචි කරන්න තහනම්... නමුත් දකුණේ දෙමළ අයට ඉඩම් ගන්න,කෝවිල් හදන්න පුළුවන් නමුත් අපිට වඩා ප්‍රශ්න එ් ගොල්ලන්ටලු. ආරක්ෂාව නැහැලු. ආරක්ෂාවට තමා හමුදාව ඉන්නේ. නමුත් හමුදාව ඉවත් කරන්නලු. දකුණේ හමුදාව ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. මේ ගොල්ලන්ට එ්ක ප්‍රශ්නයක්. මේවා මේ මනුස්සයා කියන්නේ කටින්ද? කොන්ද පණ නැති පාලකයෝ ඉන්න රටක මේ වගේ තප්පුලන කතා මිනිසුන්ට අහගෙන ඉන්නවෙලා...