(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගියැයි කියන සිද්ධියකට අදාළව ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඞ් මූල්‍යායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (06) නියෝගයක් නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධා සිදුවන බැවින් මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කර නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම විදෙස් ගමන් තහනම නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූරුවා ගැහිලි, කසිප්පු විකුණන අයයි ඉන්න කොම්පැනිත් තියෙනවා. රේස් දාන කම්පැනිත් තියෙනවා නේද?