සිතුම් චතුරංග
උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ දැනුම්දීම අනුව එම ඉල්ලීමට ගරුකොට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව උතුරු පළාත් පළාත් ඇමැති පී ඓන්ගරනේෂන් මහතා පැවසීය.
විමර්ශන සිදුකළ ත්‍රිපුද්ගල කණ්ඩායම වාර්තාව පැමිණීමටත් පෙර තමා විවිධ චෝදනාවන්ට වැරදිකරු කොට ඇතැයිද ඔහු සඳහන් කළේය.
ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා පිළිබඳ වාර්තාව අද උතුරු පළාත් සභාවට යොමු කිරීමෙන් අනතුරුව එම අමැති ධුරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇමැතිවරුන් දෙදෙනකුට දැනුම් දී තිබිණි.
‘‘උතුරු පළාත් සභාව පෙබරවාරී මාසයේ රැස්වීමේදී මා හට චෝදනා ඉදිරිපත් කළ විට මා පවසා සිටියා සාක්ෂි නොමැතිව චෝදනා ඉදිරිපත් නොකරන ලෙස. පළාත් සභවේ රුපියල් කෝටි හතරක මුදලක මූල්‍ය වංචාවක් පිළිබඳ මාහට චෝදනා එල්ලවුනා. ඒ චෝදනා සම්බන්ධයෙන් මා නිර්දෝෂි බව එදා සිටම මා පවසා සිටියා.
ජනතාව මා කෙරෙහි තිඛෙන මතය අදටත් එසේමයි. ජනතාව මා කෙරෙහි තබා තිබූ යහපත් බලාපොරොත්තු නිසා මා පළාත් මැතිවරණයෙන් වැඩිම මනාපයෙන් පළාත් සභාවට තේරීපත්වූ අයෙක්. එහෙත් මම මනාප මුදලට ගැනීමට තරම් පෝසතකු නොවූ බව ජනතාව දැනසිටිනවා.
ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මා හට පමණක් නොවෙයි ප්‍රධාන අමාත්‍යවරයා පත්කළ අනෙක් අමාත්‍යවරුන්ටද චෝදනා එල්ලවී තිඛෙනවා. මා මුදල් වංචා කළ බට කිසිදු සඳහනක් එම වාර්තාවේ නැහැ. එහෙත් චෝදනා දහයක් එල්ලකොට තිඛෙනවා. චෝදනාවක් කරනවානම් සාක්ෂි තිබියයුතුයි. මා සිතන්නේ මෙය මගේ ප්‍රතිරූපයට හානිකොට දේශපාලනයෙන් මා ඉවත්කිරීමට ගත් උත්සහයක්. මුදල් නොමැතිව කුසගින්නේ සිටියත් රාජ්‍ය දේපල හෝ මජන මුදල් කොල්ල කන්නේ නැහැ.
මෙම වර්තාවේ වැරදි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර් ගතවනවා. වංචා, දූෂණ හා අතපෙවීම් පිළිබ`දව විමර්ශනය කළ පුද්ගලයින් සාවද්‍ය තොරතුරු රැස්කොට චෝදනා එල්ලකොට තිඛෙන බවයි වාර්තාව පිළිබඳ සැලකීමේදී පැවසිය යුත්තේ. කමිටුව පක්ෂපාතීව කිසිදු සාක්ෂියකින් තොරව මා වැරදිකරු කිරීම,
මාගේ චරිත ඝාතනය කිරීමට ගත් උත්සහයක්. විනිසුරුවරයකුවූ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මා ඉල්ලා සිටිනවා මෙයට නීතිමය විසදුමක් සොයා කටයුතු කරන ලෙස. ජනතාවට සේවය කරන්න තනතුරක් අවශ්‍ය නැහැ. ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම හා උපදෙස් අනුව එයට ගරුකරමින් මා තනතුරින් ඉල්ලා අස්වෙනවා. ‘‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි
wimalarathana himi Wednesday, 14 June 2017 05:58 PM
"මුදල් නොමැතිව කුසගින්නේ සිටියත් රාජ්‍ය දේපල හෝ මහජන මුදල් කොල්ල කන්නේ නැහැ." ගරු අමාත්‍යතුමාගේ මෙම ප්‍රකාශය තුලින් කියවෙන මානව හිතවාදී ගුණයට ගරු කරමි. එබඳු දේශපාලඥයන් මෙතෙක් මේ රට පාලනය කලානම් ලෝකයේ දියුණුම රට ලංකාවයි.