IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉල්ලීම් දීමට එකඟවීමෙන් ගුවන්තොටුපොළ වර්ජනය නවතී

ප්‍රසාද් මුතුකුඩ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දීමට රජය එකඟවීම නිසා කටුනායක ගුවන් තොටුපොළේදී අද (3) උදෑසන පැවැති උද්ඝෝෂණය සහ වර්ජනය අතහැර දැමීමට සේවකයෝ එකඟ වූහ.

ගුවන් තොටුපොළ සේවයකයන් නැවතත් සේවයට වාර්තා කරමින් සිටින බව ගුවන් තොටුපොළ බලධාරීහු කියති. 

එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.

මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා  තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක, මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල, රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.

 

වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.



අදහස් (4)

ඉල්ලීම් දීමට එකඟවීමෙන් ගුවන්තොටුපොළ වර්ජනය නවතී

Gihan Tuesday, 03 April 2018 12:50 PM

අපටත් මේ වැඩිකළ 10000 ඕන, මම පුද්ගලික සමාගමක සේවය කරන්නේ , අපට තියෙන්නෙත් වහාම පාරට බහින්න එකතුවෙලා , මොකද මේ වෙලාවේ ඕනෑම ඉල්ලීමක් දිනාගත හැකියි

:       0       29

RNG Tuesday, 03 April 2018 01:24 PM

රටේ ආර්ථිකයට බලපාන නිසා මේවට එක සැරෙන්ම විසඳුම් ලැබෙනවා. සරසවි අනධ්‍යයන සේවක වර්ජනයට මාස ගණන් ගත වෙලත් තවම හරියට විසඳුමක් නෑ. ජනාධිපතිට රටේ අනාගතය ගැනත් වගකීමක් සහිත හැගීමක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ...

:       0       126

දසුන් Tuesday, 03 April 2018 02:00 PM

ඇයි ඒ අය ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නෙමෙයිද? ඇයි සාධාරණ ඉල්ලීම් ඉල්ලන අනිත් අයට බෙදන හැන්දෙන් මොවුන්ට බෙදන්නේ නැත්තේ. අඩුම තරමේ සමාජයෙන්වත්. මෙහෙම දෙයක් වෙනුවෙන් දොස්තරලා ස්ට්‍රයික් කරොත් කුලප්පු වෙන ජනයා රටේ සම්පත් මේ විදියට අවභාවිතා කරද්දී නෑසුන කනින් ඉන්නවා..

:       272       0

NUwanTuesday, 03 April 2018 05:03 PM

ඇත්තටම බහුතරයක් අය ඉගෙනගත්තු අය නොවේ. දේශපාලකයන්ට පන්දම් අල්ලන අයට රස්සා දෙන තැන් තමයි වරාය ගුවන්තොටුපල කියන්නේ. ඔවැනි තැන්වල උගත් වැදගත් අයට තැනක් නැහැ. උගත්තු මහපාරේ ඉද්දි එයාලගේ ඉල්ලීම් වහාම දෙන්නේ එයාල පන්දම් අල්ලපු අය නිසයි තේරුනාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site