(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ගොඩබිමේ සිට නාවික සැතපුම් 30ක් පමණ මුහුදේදී ඉරානයට අයත් වෙළඳ නෞකාවක ගැටී අනතුරට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි මිරිස්සේ “අංජු පුතා” බහු දින යාත්‍රාවේ ධීවරයින් පස් දෙනා වෙනත් බෝට්ටුවක් මගින් බේරා ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
“මහේෂ් පුතා” බහුදින යාත්‍රාවේ ධීවරයින් විසින් බේරා ගෙන ඇත්තේ වැලිගම දෙනිපිටිය හා මිරිස්ස ප්‍රදේශවල පදිංචි ස්කීපර් පී.ආර්.අබේසූරිය (42),කේ.එච්.පී.කුමාර (39),එච්.ඒ.සිල්වා (35),ඒ.එම්.පී.එම්.මුණසිංහ (20) හා පී.එම්.ඒ.කුමාර (39) යනධීවරයින් පස් දෙනා බව නාවික හමුදාව කියයි.
ඔවුන් ඉකුත් 05 වැනි දින මිරිස්ස ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් තිබේ.
පසුව ඔවුන් අද (16) මුහුදේ මසුන් අල්ලමින් සිටියදී ඉරානයට අයත් වෙළඳ නෞකාවක හැපී අනතුරට ලක්ව තිබෙන බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබුණි.
නාවික හමුදාව එම ධීවරයින් බේරා ගැනීමට පිටත්ව යන අවස්ථාවේදී ඔවුන් වෙනත් යාත්‍රාවක් මගින් බේරා ගෙන ඇති බවට දැනුම් දී තිබේ.
ඒ අනුව පැය දෙකක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි එම ධීවරයින් පස් දෙනා “මහේෂ් පුතා”බහු දින යාත්‍රාව මගින් බේරා ගෙන අද (16) දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන නැවේ ගැටුණු යාත්‍රාවේ සිටි ධීවරයෝ බේරා ගැනෙති