(අජන්ත කුමාර අගලකඩ)
ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.
මෛත්‍රී පාල සිරිසේන මහතා මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අද (22) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදීය.
2008 වසරේදී පමණ මාස 6 ක සහන කාලයකින් ගෙවීමේ පදනම මත ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු මෙම මුදල නිසි පරිදි නොගෙවා වසර 10 ක් පමණ තිස්සේ පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.