IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරට්ටපෙරියකුලමින් කොටි අත්බෝම්බයක් හමුවෙයි

 

                                                               

රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව, ඉරට්ටපෙරියකුලම අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබි එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බයක්   සොයා ගත් බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.


ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසූවේ හේනේ ගස් කපා ඉවත් කරන අවස්ථාවක හේන් හිමියා අදාළ බෝම්බය දැක පොලීසිය දැනුවත් කළ ඇති බවයි.


අනතුරුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් අදාළ බෝම්බය ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත බව ඉරට්ටපොරියකුලම් පොලීසිය පවසයි.


පොලීසිය පැවසූවේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම අත්බෝම්බය සඟවා තබන්නට ඇති බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ඉරට්ටපෙරියකුලම පොලිසිය කියයි.
            



අදහස් (0)

ඉරට්ටපෙරියකුලමින් කොටි අත්බෝම්බයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 21 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site