IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉම්රාන් ඛාන් පකිස්තාන මහ මැතිවරණය දිනයි

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබා ඇතැයි එරට මැතිවරණ කොමිසම අද (27) නිල වශයෙන් නිවේදනය කළේය. 

කෙසේ නමුත් තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය අසන 137 දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට නොහැකි වී තිබෙන අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පක්ෂයක් සමඟ සන්ධාන ගත වීමට සිදුවනු ඇත. 

නිකුත් කිරීමට ඇත්තේ තවත් ආසන 11ක ප්‍රතිඵල පමණක් බවත් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) පක්ෂය ආසන 115ක් දිනාගෙන ඇති බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මේ අනුව පාකිස්තාන පාර්ලිමේන්තුවේ තනි විශාලතම පක්ෂය වනු ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි. 

මැතිවරණ කොමිසම පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය නවාස් (පී.එම්.එල්--එන්)’ පක්ෂය ආසන 63ක් දිනාගෙන ඇති බවත් පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) ආසන 43ක් දිනාගෙන ඇති බවත් සඳහන් කළේය. මේ අනුව පාකිස්තාන ජනතා පක්ෂය සන්ධාන ආණ්ඩුවක රජුන් තනන පක්ෂය වනු ඇත. 

පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) පක්ෂය යනු ඝාතනයට ලක්වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීෆ් අලී සර්දාරිගේ පුත් බිලාවාල් බූතෝ සර්දාරීගේ නායකත්වයෙන් යුතු පක්ෂයයි. 

දූෂණ චෝදනාවලට වරදකරු වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට මැතිවරණයට ඉදිරිපත් නොහැකි වූ අතර ඒ වෙනුවට ඔහුගේ සහෝදරයකු වන ෂෙබාබ් ෂරීෆ් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය නවාස් (පී.එම්.එල්--එන්)’ පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය. 

මැතිවරණය පවත්වා දින දෙකක් ගත වුවද සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට චෝදනා එල්ල වූ අතර ප්‍රතිඵල ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ච චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කළේය. 

කිසිදු වංචා දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බවත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වූයේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් මැතිවරණ කොමිසම අවධාරණය කළේය. 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 1992 වසරේදී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය. ලෝක කුසලානය දිනූ එම කණ්ඩායමේ සාමාජිකයන් වන රමීස් රාජා, වසීම් අක්‍රම්, වකාර් යුනිස් මෙන්ම වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයන් වන මොහොමඞ් අමීර්, මොහොමඞ් හෆීස් ඇතුළු ක්‍රීඩකයන් බොහෝමයක් අද (27) වනවිට ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කර තිබිණි. 

වසීම් අක්‍රම් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ට සහාය පළ කිරීම ද විශේෂත්වයකි.එමෙන්ම ක්‍රිකට් පිටියේදීත් දේශපාලනයේදීත් පාකිස්තානයේ ඓතිහාසික ප්‍රතිවාදීන් වන ඉන්දියාවේ සන්ජේ මන්ජේකාර් සහ කපිල් දේව් ද ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කර තිබිණි. 

055

 



අදහස් (1)

ඉම්රාන් ඛාන් පකිස්තාන මහ මැතිවරණය දිනයි

Bamunuarachchi Monday, 30 July 2018 08:05 AM

ඉම්රාන් මහත්මයෝ මම මුළු හදවතින්ම සුබපතනවා දැනට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site