පකිස්ථානයේ බහවල්පූර් නගරයේදි ඉන්ධන ප්‍රවාහන ලොරි රථයක් පුපුරාගොස් ගිනිගැනීම නිසා පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
බොහෝ පිරිසක් ලොරියෙන් වෑස්සුනු ඉන්ධන එකතුකරමින් සිටි බවත් ඒ අතරතුර ඉන්ධන ටැංකිය පුපුරාගොස් අනතුර සිදුවූ බවත් බලධාරීහු පවසති.
ගිනි ගිවන හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාහ දරමින් සිටියි. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්ධන ලොරිය අසල සිට දුම්පානය කිරීම නිසා ගින්න හටගත් බව බලාසිටි අය පවසා ඇති අතර තවත් වාර්තාවකින් කියැවෙන්නේ ඉන්ධන පැටවූ ලොරිය අධික වේගයෙන් ගමන්කිරීම නිසා පෙරළී ගිනිගත් බවයි.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.