අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ආපදා කළමනාකරණ ඒකකයක් අද (28) පිහිටුවන ලදී.

ඉන්ධන බෙදාහැරීමට බලපාන අවහිරතා හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමත්,අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සඳහා සියලු ආයතන සම්බන්ධීකරණය කිරිමත් මෙම ආපදා කළමනාකරණ ඒකකයේ මුලික අරමුණ බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.