IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ඉන්ධන අර්බුදය සීඅයිඩියට

(විනීතා එම් ගමගේ)

ඉන්ධන අර්බුදයක් ඇතැයි ආරංචිය පැතිරවීම අද (20) තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීම පිළිබඳ පරික්ෂණයක්  පවත්වන්නැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

සමහර ඉන්ධන පිරවුම්හල් ඉන්ධන තොග තිබියදීත් ඉන්ධන නැතැයි පවසා තිබීම හා සමාජ ජාල ඔස්සේ එම පුවත දිගින්  දිගටමගෙන  යාම පිළිබඳව පරික්ෂණ පවත්වන ලෙස ඉල්ලා පැමිණිලි කළ බව ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 

මුලින්ම සමාජ ජාල ඔස්සේ පැතිර ගිය ආරංචියෙන් කලබල වූ ජනතාව පෝලිම්වල රැඳී ඇති බවත් ඉන්ධන තිබියදීත් නැතැයි පවසා ඉන්ධන සැඟවූ පිරවුම්හල් පිළිබඳ පරික්ෂණ පවත්වා ඒවා අමාත්‍යාංශය යටතට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන අවශ්‍ය තරම් ගබඩා කර තියෙනවා. කිසිකෙනෙක්  කළබල විය යුතු නැහැ. ඉන්ධන නැව් තුනක් ලබන සතියේ එනවා.  මැතිවරණයකුත් ළඟ එන්න තියෙනවා. සමාජ ජාල වෙබ් අඩවිවලින් මේ වගේ බොරු ආරංචි යන්නේ එහෙම කාලයකයි. මේවා කරන්නේ එකම පිරිසක්. ඉදිරියේ දී තෙල් ප්‍රශ්නයක් එනවා නම් මේ වගේම ඉදිරියට ඇවිත් ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල කියන්නෙත් මමමයි. කලින් වතාවේ ඉන්ධන අර්බුදයේ දී ඒ ගැන පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලූවේ මම. ඒ පරික්ෂණය පැවැත්වෙනවා. 

ඉන්ධන ගැන මාෆියාවක් තියෙනවා. එක පිරිසක් ඉන්ධන වලින් කන කොට ඒකෙන් මුදවාගෙන ඒ මුදල් ජනතාව අතට  යන්න සැලැස්සුවාම මේ වගේ දේවල් කෙරෙනවා යැයි  ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (0)

ඉන්ධන අර්බුදය සීඅයිඩියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site