( තිළිණි ද සිල්වා )
තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීමට ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීමේ සාකච්ඡාවක් දෙපාර්ශවයේම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවත්වූ අතර එහිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙම ඉල්ලීම කර ඇත.
මෙම සාකච්ඡාව අතිශය ප්‍රතිඵලදායක වූ බවත් පතුල සහිත ට්‍රෝලර් යාත්‍රා පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතුවලින් ක්‍රමානුකූලව ඉවත් කිරීමට ඉන්දීය පාර්ශවය ප්‍රතිඥා දුන් බවත් ශ්‍රී ලංකා නියෝජිතයකු ප්‍රකාශ කළ බවද වාර්තා වෙයි.
මෙරට අත්අඩංගුවේ ඇති ට්‍රෝලර් යාත්‍රා නිදහස් කරගැනීම පිළිබඳව ඉන්දීය නියෝජිත කණ්ඩායම ප්‍රධාන වශයෙන් කරුණු දක්වා ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් තීරණයක් ගත යුතු බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
COMMENTS