(තරිඳු ජයවර්ධන)
වකුගඩුවක් ගලවාගන්නා තුරු ශ්‍රී ලංකාවට එන්නට නොදී සෞදියේ සිරකරගෙන සිටිනා බව කියන කාන්තාව සම්බන්ධයෙන් වහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද(22) රජයේ ආයතන කිහිපයකට දැනුම් දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු ආයතන කිහිපයකට මෙලෙස මැදිහත් වන ලෙස දැනුම් දී තිබේ.
ලංකාදීප ඇතුළු මාධ්‍ය කිහිපයක් මේ සම්බන්ධයෙන් වාර්තා පළකිරීමෙන් පසු ඒ ගැන අවධානය යොමු කළ මානව හිමිකම් කොමිසම මෙලෙස එම ආයතනවලට අදාළ උපදෙස් දී ඇත.
COMMENTS
වකුගඩුවක් නෙමෙයි මොලය ගලවාගන්නවා කිව්වත් අපේ රට කරන ලොකු අයට ඇහෙන්නේ නැහැ. ඒ ගැන එයාලට ගනිච්චියකුත් නැහැ.
මොකෝ තලතා ඉන්නේ මේවා බලන්න නෙවේද ?
තානාපති මොනවද කරන්නේ තවමත් නිදිද?
ඇයි විදේශ සේවා එකට ගිහින් පැමිණිල්ල කරනකොට වකුගඩු ගන්න එපා කියලා තිබුණනේ...අනේ මන්දා... දැන් හොයන්න පටන් ගෙන තියෙන්නෙත් මානව හිමිකම් එකෙන් කියපු නිසානේ.. හරිහමන් ඇමතිකෙනෙක් නොමැතිකම හින්දා ඕවා හැමදාමත් ඔහොම්මයි.