මුම්බායිහිදීය (රොයිටර්ස්)
දිගින් දිගටම ශක්තිමත් වන එක්සත් ජනපද ඩොලරය හමුවේ ඉන්දීය රුපියල අද (29) වාර්තාගත අන්දමින් පහළ වැටිණි.
ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 70.475ක් ලෙස සටහන් වූ අතර ඉන්දීය රුපියල එතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව එය විය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ආසියාවේ අනෙකුත් මුදල් ඒකක ද කඩා වැටෙමින් තිබේ. “ඉන්දීය මහ බැංකුව කලින් නොවු විදියට රුපියලේ මට්ටම ඉහළ යද්දි මුකුත් නොකර ඉන්නයි උත්සාහ කළේ.
රුපියල 69 මට්ටමට පැමිණියාම ඔවුන් ඒ මට්ටම ආරක්ෂා කරන්න උත්සාහ කළා” එක් නිලධාරියෙක් පැවැසීය. “මහ බැංකුව කුඩා ප්‍රමාණවලින් ඩොලර් සපයනවා විතරයි” තවත් අයෙක් කීය.
අඟහරුවාදා ද ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරය අගය ඉහළ ගිය අතර එහිදි 70.10 දක්වා පහත වැටුණු ඉන්දීය රුපියල් අද (28) 70.45ක් දක්වා පහත වැටිණි.
(055)
COMMENTS
අපේ රටේ දේශීය නිෂ්පාදන වැඩි කරගන්න ඕනේ තව.
ඉන්දියාවේ රුපියල කඩාවැටෙන එක විතරද පෙන්නේ .අපේ රුපියලත් එහෙම තම දවස ගානේ බාල්දු වෙනවා .අපේ රටේ මහබැංකුවේ තියන නොහෙකියව පෙන්නේ නෑ.අනුන්ගේ රටේ මහබැංකුව පේනවා .
ලංකාව සමග කටයුතු කරන්න ගියොත් ඕක වෙන බව දන්නේ නැද්ද.?
මැක්ස්, ඔයා දන්න ඉකොනොමික්ස්... නිකන් දන්නෙ නැති දේ ගැන කට වගගෙන ඉන්න සහෝ... ඩොලර් එක නගිනවා. මුලු ලෝකෙම සල්ලි වැටිලා තියෙන්නේ. ටර්කිවල සල්ලි බලු ගානට වැටිලා. ඒවට හේතු තියෙනවා. සම්බාධක පනවලා, ඇමරිකාවට චීනෙ එක්ක තියෙන ගැටලුව, ඉරාන ප්‍රශ්නය වගේ දේවල්. අපේ බැංකුවල මූල්‍ය අගය මේ ප්‍රශ්නවලට මහවැලියට වැලි ඇටයක් දැම්මා වගේ....
මේ ප්‍රවෘත්තිය වර්තමාන රජයට වාසි.
ලංකාවේ රුපියලේ අගය පහළට වැටෙන විට ආණ්ඩුවට බැන්න මිනිස්සු ,අද ඩොලරයට සාපේක්ෂව ලෝකයේ බොහො රටවල මුදල් වල අගය පහල වැටෙමින් පවතින ඒ ගැන මොකද කියන්නේ කියලා දැන ගන්න කැමතියි.
මෙතන ගොඩක් දුරට ප්‍රශ්නය වෙලා තියෙන්නේ එක්සත් ජනපද ඩොලරය අගය වැඩිවීමයි...
කිරිඇල්ල දැන් පිනුම් ගහයි දියවන්නාවේ.
අනේ සත්තේ, දන්නා දෙයක් කතා කරන්න. මේක මේ දවස් දෙකෙන් තුනෙන් බලන්නේ නැතුව පහුගිය අවුරුදු තුනේ මොකද වුනේ කියලා බැලුවොත් තේරෙයි... අපේ රුපියලට කෙලෙවෙලා තියෙන හැටි...