ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි.
මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ඉදිරිපත් වීමට සූදානම් වන බව එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.
සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන්
ගගන Monday, 26 June 2017 07:21 AM
මේක නම් උනන්දුවෙන් හිටියට අවශ්‍ය දෙයක් නම් නොවෙයි.
nimalka Monday, 26 June 2017 07:34 AM
විරාට් කෝලිව පුහුණු කරන්න. අනිල් කුම්බල්ටත් බැරි වුණ දේ කරන්න? මහේල නම් පැත්තකට වෙලා හිටියානම් හරි...
kumar (galf) Monday, 26 June 2017 07:40 AM
මහේලට පුළුවන් මේ වැඩේ සාර්ථකව කරන්න. එයාගේ කෝචින් හින්දා තමයි එංගලන්තය ඔය තැනට ආවේ....
wije Monday, 26 June 2017 07:58 AM
ඉන්දියාවේ කට්ටිය නම් හරිම පණ්ඩිතයි. විශේෂයෙන්ම කෝලිව පාලනය කරන්න බැහැ ලේසියෙන්. මහේල, ඔයා නිකම් සවුත්තුවෙන්න හදන්න එපා.... තත්වය තියාගෙන ඉන්න. ලංකාවේ පුහුණුකරුගේ තනතුරත් දැන් පුරප්පාඩු වෙලා තියෙන්නේ ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
shanuka Monday, 26 June 2017 08:42 AM
පිටරැටියෝ පුහුණු කරනවාට වඩා තමන්ගේ රටේ නම්බුව බේරන්න...
saliya Monday, 26 June 2017 09:01 AM
මේක ඔයාගේ තත්වෙයි, සායමයි යන වැඩක්...
sunimal Monday, 26 June 2017 09:14 AM
මොකුත් කියන්නේ නෑ. ධනාත්මක චින්තනයට බාධා වේවි.!!!
lalin Wednesday, 28 June 2017 02:57 PM
කෝලි එක්ක වැඩ කරන්න කාටවත් බැහැ. නිකන් සවුත්තු වෙන වැඩක්. පුළුවන්නම් ලංකාවේ ටීම් එකට සපෝට් එකක් දෙන්න බලන්න.
Roshan Wednesday, 28 June 2017 03:56 PM
මෙය කවුරුන් හෝ කියූ බොරුවක්ද දන්නේ නැහැ... නරකද ලංකාවේ පුහුණුකරු වුණා නම්?
de silva Thursday, 29 June 2017 07:05 AM
අපේ පුරෝහිතයෝ කලින්ම විශ්‍රාම ගිහින් කරන්නේ පිට රටවලට දර දිය අදින එකනේ? අනේ ඕන දෙයක් කරගත්තාවේ අපිට මොකද?
Harsha Friday, 30 June 2017 04:33 PM
ඉතාමත් හොද දෙයක් , බැරි වුනොත් පිත්කරුවෝ හරි පුහුනුකරන්න.