IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දීය ධීවරයින් බත්තලගුංඩුව දූපත් ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කරලා

(පද්මා කුමාරී කංකානම්ගේ )


කල්පිටිය බත්තලගුංඩුව දූපත ආසන්න සයුරේ, පසු ගිය සතිය පුරා ඉන්දියන්  ධීවර   යාත්‍රා සමූහ වශයෙන් පැමිණ කල්පිටිය ධීවරයින්ගේ ලක්ෂ ගණනාවක් වටිනා ධීවර දැල් විනාශ කරමින්, ධීවර කටයුතුවල නිරත වී ,පලා ගිය බවට ධීවර ජනතාව චෝදනා නගති.

ආසන්නතම ඉන්දියන් ධීවර ආක්‍රමණයට අද  (10 ) , මුහුණදුන් බත්තලංගුංඩුවේ සංක්‍රමණික ධීවරයෙකු වූ තලවිල වර්ණකුළසූරිය ලලිත් ප්‍රසන්න  සඳහන් කළේය.

බත්තලගුන්ඩුවේ  සිට කිලෝ මීටර දහයක් දුරින් එළා තිබූ තම මඩු සහ කට්ට දැල් මතින්, ඉන්දියන් ධීවර යාත්‍ර ගමන් ගැනීම නිසා, රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා තම දැල් විනාශ වූ බවයි.

අඩි හැටක් පමණ දිග මෙම ඉන්දියන් ධීවර යාත්‍රා, 50, 60 යාත්‍රා සමූහ වශයෙන් පැමිණෙන බවත්, ඉකුත් සතිය පුරාම කල්පිටි මුහුදේ මෙවැනි යාත්‍රා සමූහ මගින් කල්පිටිය ධීරයන්ගේ දැල් වලට විශාල හාණියක් සිදු කළ බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

එම හානින්ට මුහුණදුන් ධීවරයින් අතුරින් කිහිප දෙනෙකු පමණක් මේ වනවිට බත්තංගුංඩුවපොලිසියේ,විජය නාවුක හමුදාවේ සහ පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ  පැමිණිලිකර ඇති බවත් ඒ මහතා පැවසුවේ ය.

මේ පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ,පුත්තලම කාර්‍යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා සඳහන් කළේ "ඉකුත් සති කිහිපය තුළ ඉන්දියන් ආක්‍රමණ ඉහළගොස් තිබෙනවා. ධීවර පැමිණිලි ගණනාවක් ලැබී තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් ඉතා මෑත අපෙ දේශසීමාවට පැමිණීමයි.ඉන්දීය ධීවර විනාශකාරී පන්න ක්‍රමයන් නිසා,අපෙ මුහුදු පතුලට හාණි වෙනවා. අපෙ මත්ස්‍ය ප්‍රජාව විනාශ වෙනවා."
 
මේ අතර, ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් දන ගත් හැකි වූ යේ,කල්පිටිය සයුර ආශ්‍රිතව ඉන්දියන් ධීවරයින් අවසන් වරට අත් අඩංගුවට ගෙන ඇත්තේ, පසු ගිය 2015 වසරේ බව ය.ඉන් පසු ඉන්දියන් ධීවරයින් අත් අඩංගුවට ගැනීමේ කිසිදු මෙහෙයුමක, ක්‍රියාත්මකව නැති බවත් වාර්තා වේ. 
 



අදහස් (0)

ඉන්දීය ධීවරයින් බත්තලගුංඩුව දූපත් ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site