(ටී.කේ.ජී.කපිල )

තම රටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද17 දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි සිට අද 17 දින අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබේ .

වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , කොරෝනා වසංගත රෝග තත්වය අනාවරණය කර ගැනීම සදහා පී.සී.ආර්.
පරීක්ෂණ වලට ද භාජනය කෙරුණි .
 

එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .