(වන්නි රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් දකුණට බෙදාහැරීම සඳහා රැගෙන යමින් තිබු ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් ප්‍රවාහනය කළ තරුණයෙකු හා තරුණියක අද (11) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත සෙට්ටිකුලම පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී අදාළ තරුණිය හා තරුණයා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලීසිය පැවසුවේය.
මෝටර් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද පරික්ෂා කිරීම් වලදී මෝටර් රථයේ පිටුපස සගවා තිබූ අදාල මත්පෙති තොගය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18 ක තරුණියක් හා වයස අවුරුදු 24 තරුණයෙකු වන අතර ඔවුන් මාතලේ සහ කැලණිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් දෙදෙනෙකි.
අදාළ තරුණිය හා තරුණයා ඉන්දියාවේ සිට රැගෙන විත් සඟවාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද සෙට්ටිකුලම පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වව්නියාව සෙට්ටිකුලම පොලිසිය හා යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණයක් ආරම්භකර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිස්සු එල්ලන්නේ නැති නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න...
පොලිසියේ මහත්වරුනි, වාහනේ ගැන හරියට දැනගෙනත් තබුණා නම්. අන්තිමට බඩුත් එක්කම මාට්ටුත් නම්.. අහුවුනාට පස්සේ යන්න ඇරලා අණ නොතකා ගියා කියලා කුඩුවෙන්න වෙඩි නොතිබ්බේ ඇයි? පිං පඩි අරගන්න එපා.. රටට යහපතක් කරන්න..
මේ මොන සුඛෝපභෝගි වාහනයක්ද? සාමාන්‍ය වාහනයක්...
කෝලිත ඊට පස්සේ ඔය යනවද වෙඩි තියපු රාළහාමිලට උසාවියෙන් ඇප අරන් දෙන්න?
කට්ටිය මහලොකුවට කෑගහනවා මරණ දඬුවම එපා කියලා... අපේ තරුණ පරම්පරාව මේ ජරාව බීලා නිරපරාදේ විනාශ වෙනවා.
හැබැයි විජයකලා කියන්නේ නම් දකුණෙන් මේ ද්‍රව්‍ය යනවා කියලයි. උතුරෙන් හමුදාව ඉවත් කරන්න. පොලිස් බලතල ඉල්ලන්න ප්‍රධාන හේතුව ඉන්දියාවෙන් ඕවා ගෙන්නන්න තමයි.