
අසල්වැසි ඉන්දියාවෙන් අද (7) පස්වරුවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,000 ඉක්මවා ගියේය.
ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 20,27,074කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 6,07,384ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 12,78,105කි. ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 41,585ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,79,779කි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයන් 2,79, 144 දෙනකු ද අන්දා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 1,96,789 දෙනකු ද මේ වනවිට හඳුනාගෙන ඇත. කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වී ඇත්තේ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,58,254කි.
ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් මේ වනවිට වයිරස ආසාදිතයන් 2,81,863 දෙනකු ද බංග්ලාදේශයෙන් ආසාදිතයන් 2,49,204 දෙනකු ද හොයාගෙන ඇත.
එන්.ඩී.ටීවී.
055
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 62,000ක්