ජකර්තාහිදීය (ඒ.එෆ්.පී)
ඉන්දුනීසියාවට තවත් භූ කම්පන දෙකක් බලපෑ බව එක්සත් ජනපද භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරුවේ සඳහන් කළේය.
ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන එරට සුම්බා දූපතේ නැගෙනහිර වෙරළ තීරයට මෙම භූ කම්පන දෙක බලපා තිබෙන අතර ඉන් පළමු වැන්නේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් ලෙස සටහන් වී ඇත. සුම්බා දූපතට කිලෝමීටර 40ක් දුරින් භූ කම්පනය හටගෙන ඇත.
සුම්බා දූපතේ 750,000 ට ආසන්න පිරිසක් ජීවත් වෙති. ඉන් මිනිත්තු 15කට පසු දෙවැනි භූ කම්පනය හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.0ක් ලෙස සටහන් වී ඇත. එය ඇති වී තිබෙන්නේ ද පළමු භූ කම්පනය හටගත් ප්‍රදේශයේ වන අතර එහි ගැඹුර කිලෝමීටර් 30කට ආසන්න බව පැවසේ.
“භූ කම්පන හතරක් අපට දැනුණා. පළමු කම්පනය දැනුණු පසු අපි හෝටලයෙන් පිටතට දිව ගියා. හෝටලයේ අමුත්තන් 40කට ආසන්න පිරිසක් සිටියා” යැයි පාඩාඩිටා හෝටලයේ සේවකයෙක් පැවැසීය.
“ඊට පොඩි වේලාවකට පස්සේ භූ විද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් නිකුත් කළා. දැන් සියල්ල සන්සුන්” හෙතෙම කීය.
භූ කම්පනයෙන් සිදු වූ හානියක් පිළිබඳ තොරතුරු වාර්තා නොවුණු අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නොවිණි.
සුම්බා දූපත පිහිටා ඇත්තේ පසුගිය ප්‍රබල භූ කම්පනයකට පසු සුනාමි ව්‍යවසනයකට ගොදුරු වූ සුලාවෙසි දූපතට කිලෝමීටර 1,600ක් ඈතිනි. ඉකුත් සිකුරාදා (28) සිදු වූ එම ව්‍යවසනයෙන් 800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
055
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූ කම්පන දෙකක්
Uditha - London Tuesday, 02 October 2018 07:05 AM
ජයසිරිමහ බෝ හාමුදුරුවනේ ඔබේ පිහිටෙන් මේ විපතට පත් රටත් රටේ මිනිස්සුත් ආපදාවක් නොමැතිව ආරක්ෂා කරන්න!!!