IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉදිරි ජනාධිපතිව‍රණයට නව නිර්පාක්ෂික අපේක්ෂකයෙක්

(ඩයනා උදයංගනී)
            

රටේ අනාගත දියුණුව ඇතිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙපළ කෙරෙහිම විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී නව නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.


පසුගිය ජනාධිපතිවරණයේදී නීතිගරුක පාලනයක් වෙනුවෙන් ඒකරාශී වූ පිරිස සමඟ එක්ව එම අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවද එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.


දේශපාලනය නොදන්න අයෙකුට රටක් පාලනය කළ නොහැකි බව කී මහාචාර්යවරයා තෝරාගන්නා නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයා කවර මතයක් දරණ කවර පක්‍ෂයක් තුළ සිටි අයෙකු වුවත් පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් ගියවර සෝභිත හාමුදුරුවන් මුලා කළ ආකාරයේ ලියවිල්ලකට නොව බරපතල නෛතික ලියවිල්ලකට අත්සන් තැබිය යුතු බව ද සඳහන් කළේය.


මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම ජාතික ව්‍යාපාර කාර්යාලයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
            



අදහස් (11)

ඉදිරි ජනාධිපතිව‍රණයට නව නිර්පාක්ෂික අපේක්ෂකයෙක්

පිටිගල මිලානෝ Thursday, 06 September 2018 11:50 AM

බොහොම හොඳ අදහසක්. ඔක්කොම යවලා හොඳ කෙනෙක්ව තෝරා ගමු.

:       4       1

sirimal Thursday, 06 September 2018 12:17 PM

වැඩේ ජයගන්න නම් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් තරමේ නිර්පාක්ෂික ඡන්දදායකයින් පිරිසකුත් හොයා ගන්න වෙයි.

:       0       39

ජයන්ත මිලානෝ Thursday, 06 September 2018 12:22 PM

මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. එහෙම වුනොත් රටේ සියලු උගතුන්, ඇතුලුව සියලුම දෙනා පෙල ගැසෙනු ඇත. නැත්නම් මේ දේශපාලුවෝ රට ඉවරම කරනවා .

:       11       188

OMG Thursday, 06 September 2018 12:39 PM

ඉන්න අය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම එකම බෝට්ටුවේ.

:       0       83

Viraj perera Thursday, 06 September 2018 01:03 PM

ලස්සනට ගොඩ නැගීගෙන ආව රට ආපහු අවුරුදු ගවගානක් පස්සට ඇද්දේ තමුන්ලා

:       299       283

සඳුන් Thursday, 06 September 2018 01:13 PM

එක සැරයක් මේගොල්ලො ශාෂ්ත්‍රිය ලෙස ජනතාව ඇන්දුවා. ඔය ආයෙත් සැරයක් අර අඳින්නෙ ඒකට. ඡන්දයක් ලංවෙනකොට ඔන්න ටික ටික එළියට එනවා.

:       127       154

smith Thursday, 06 September 2018 01:31 PM

රෑ වැටුන වලේ දවලුත් වැටෙනවා නේද !

:       64       83

Hafeel Thursday, 06 September 2018 04:16 PM

තව දුරටත් නිර්පාක්ෂික අපේක්ෂක හරියන්න නැහැ. ජවිපෙ බලයට ගෙන්න උත්සාහ කරන්න.

:       34       108

Nishantha Thursday, 06 September 2018 04:17 PM

වෙන කරන්න දෙයක් නැහැ. ලෙඩේ හොඳ වෙනවනම් දොස්තරලා කීයක් මාරු කලත් කමක් නැහැ. අපිත් ඔබතුමන්ලා සමගයි. පක්ෂ දේශපාලනය තමා මේ රට විනාස කරන්නේ.

:       23       0

Bandula. Friday, 07 September 2018 04:52 AM

දවල්ල් හීන දකින්න එපා මහත්තයෝ.... මේ රටේ ඔය හොරු ටික ඉන්නකන් කාටවත් උඩට යන්න දෙන්නේ නැහැ. මේක හරියට සාපයක් වගේ අපේ රටට.

:       0       1

prakaash Friday, 07 September 2018 05:16 AM

මේ නඩය තමයි හංස ගීතය කලින් ගෙනාවේ..................... ඩොලර් කාක්කෝ

:       16       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site