(ශාන්ත රත්නායක)

ලෝක දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා  ශ්‍රී ලංකා ආර්ථිකය ඊට ගැලපෙන අයුරින් සකස් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) අරලියගහ මන්දිරයේ දී පැවසීය.

ලෝකය දරුණු නියගයකට මුහුණදෙමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අඟවා ඇති අතර එම තත්ත්වය හමුවේ ඊළඟ මාස කිහිපයේ දී ශ්‍රී ලංකාවට බලපෑ හැකි නියං තත්ත්වය දෙස අවධානය යොමු කොට ඇතැම් තීරණ ගන්නට සිදුවන බව ද
අග්‍රමාත්‍යවරයා කීවේය.

අග්‍රමාත්‍යවරයා මේ බව පැවසුයේ නියගයෙන් පිඩාවට පත් ජනතාවට පානිය ජලය සැපයීම සදහා ජල බවුසර් ලබාදීමේ විශේෂ වැඩසටහනේ ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.