
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ඉදිරියේදී යුක්රේන ජාතිකයින්ට පමණක් නොව අනිකුත් රටවල සංචාකරයින්ටද මෙරටට ඇතුළුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍යරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් කරනබව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ අද (09) බලන්ගොඩ මොළමුර විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකට එක් වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කිය. ‘යුක්රේන ජාතිකයින් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු තිබුණා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාද කරුණු පැහැදිලි කළා. අපිට හැමදාම මේ රට වහගෙන ඉන්න බැහැ. අපි ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම ලබාදෙන ගමන් සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවන්න. අපි නිවැරැදි වැඩ පිළිවෙළක් ආරම්භ කරගෙන යනවා.‘ යැයි සඳහන් කළේය.
COMMENTS
ඔව් හැම රටෙන්ම ගේන්න. ලංකාවේ මිනිස්සු ඇරෙන්න.
ඕවා කියන්න ඉස්සරවෙලා උදයංගගෙන් ඇහුවද?
මේ ඉතා හොඳ ක්‍රියාවක්...
මේ අයට නම් කවුරු හරි ලොකු කොඩි විනයක් කරලා.. මේ අය කරන්නෙම රටට බොරු පොම්ප කරන එක. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ඔක්කොම ලොක්ඩවුන්... ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. මේ අය කාටද මේ දෙසාබාන්නේ... ?
ඒක හොඳයි මහත්තයෝ... යුක්‍රේනය ලොක්ඩවුන් කරලා ඒ මිනිස්සු අනාථවෙලා ඉන්න වෙලාවක අපිවත් ඔවුන්ට මෙහෙට එන්න කියලා කියමු. ලෝකෙ ගොඩක් රටවල් නැවත ලොක්ඩවුන් කරගෙන යන නිසා අපි ඔවුන්ව අපේ රටට ගෙන්වලා අපි ආගන්තුක සත්කාර වලට උපන් හපන් ජාතියක් බව ලෝකෙටම පෙන්වමු. විදෙස් රටවල් වල අනාත වෙලා ඉන්න අපේ "රට විරුවො" ඔන්න ඔහෙ ඔය ඉන්න විදියටම හිටියාවේ...
සිහින මවන්න කිසිවෙකුට තහනම් නැති නිසා හෝ මේ ආකාරයට සිතන්න පුලුවන්... මේ කියන්නේ සංචාරකයින් පෝලිමේ ඉන්නවා වගේ ලංකාවට එන්න.. ඊට පෙර මැද පෙරදිග අතරමන් වී සිටින අපේම ජනතාව ගෙන්වා ගෙන ඔවුන්ගේ නෙගටිව් අයව නිවෙස් නිරෝධායනය ලබාදෙන්න. රජයට මුදලුත් ඒ මගින් ඉතිරි කරන්න පුළුවන්... ඒ අයටත් සැනසීමක්...