(අශෝක තිලකරත්න )
මාමඩල හංගන්වගුර මාර්ගයේ දී තරුණයකු සිය යතුරුපැදිය නතර කිරීමට ගිය විට යතුරුපැදියත් සමඟ වැටී ඔහුගේ ඉණේ ගසාගෙන සිටි මත්පැන් බෝතලය කුඩුවී උදර ප්‍රදේශයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාමඩල ඇළේගොඩ බටහිර රණවිරු මාවතේ පදිංචි ලියනපතිරණගේ දිල්ශාන් ලක්ෂිත (23) නැමති අයයි.
මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.