IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි

(බිඟුන් මේනක ගමගේ)

හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරන්නේ යැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවැසීය.

එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් කෙරෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව දකුණු ආසියාවෙන් ඉදිරියෙන් සිටින නමුත් වෙබ් අඩවි ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී තවමත් සාධනීය මට්ටමකට පැමිණ නැතැයි මහාචාර්යවරයා අවධාරණය කර කීය.

නිසි කලට යාවත්කාලීන වන වෙබ් අඩවි මගින් විද්‍යුත් හා හරිත ආණ්ඩුකරණයට පාර කැපෙන්නේ යැයි කී හෙතෙම ඒ අනුව පහසුවෙන් මෙම වෙබ් අඩවි යාවත්කාලීන කිරීමට පිවිසුම් ලබාදීමට ද ඉක්ටා ආයතනය කටයුතු කරමින් සිටින්නේ යැයි ද කීවේය.

ජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් හා පහසුවෙන් ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලීන නොකිරීම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියට ද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා පැවැසීය.

රාජ්‍ය වෙබ් අඩවි නිසි කලට යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලේදී පුරවැසියන්ට අත්හළ නොහැකි වගකීමක් ඇතැයි ද ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සෝදියෙන් සිටින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (6)

‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි

Ranjan Samarasinghe Sunday, 24 June 2018 09:48 PM

තවත් සල්ලි නාස්ති කරන ප්‍රජෙට් එකක්

:       22       330

sachithMonday, 25 June 2018 02:26 AM

ඔබතුමාගේ අදහස සමග එකයි ,රටේ ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියට ආරක්ෂාව දීගන්න බැරි කට්ටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂා කරන්න යනවා. ව්‍යාපෘතියට දැනටම මිලියන ගානක් අනුමත කරගෙන ඇත්තේ.

:       2       130

Sumanasiri Herath Monday, 25 June 2018 06:34 AM

පහුගිය මැයි මාසය තුල ඔය ඉක්ටා ආයතනය පවත්වාගෙන යන වෙබ් අඩවි 300 පමණ හැක් ප්‍රහාරයකට ලක් වුනා. මෙවැනි දේවල් 100% නතර කිරීමට හැකියාවක් නැහැ. ඒත් ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. නමුත් මෙම ඉක්ටා මගින් පවත්වාගෙන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් පිටු සහ බොහොමයක් රජයේ ආයතන වල වෙබ් පිටු සදා ඇත්තේ ජූම්ලා කියන මෘදුකාංගය භාවිතා කරමින්. කාලින අවශ්‍යතාවයන් සහ ආරක්ෂාව යන කරුණු මුලික කරගෙන මෙම මෘදුකාංගය ද යාවත් කාලින කර නිකුත් කරයි. එහෙත් ඉක්ටා ආයතනය මගින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවි වල මෙම මෘදුකාංගය යාවත්කාලින කරන බවක් පෙනෙන්නට නොමැත. මෙය එක උදාහරණයක් පමණයි. මෙලෙස ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ අභිවෘධිය වෙනුවෙන් පෙනී සිටින ඉක්ටා ආයතනයෙන්ම සිදුවන මෙවැනි අතපසුවීම් සහ දුර්වලකම් නිවැරදි නොකර, තමන්ගේ වලිගය තමන්ම පාගාගෙන කෑගැසීමක් හා සමාන කිරීම සුදුසුයි දැයි සිතේ. අනිත් කරුණනම්, මෙම ඉක්ටා ආයතනයේ බොහොමයක් ව්‍යාපෘති සඳහා මිලියන ගණන් මුදල් වැයකරත්, ඒවගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝගික නොවීම හේතුවෙන් අසාර්ථක වී ඇත.

:       0       26

dhanushka Monday, 25 June 2018 08:29 AM

ඉක්ටා කියන්නේ තවත් සල්ලි ගිලින ආයතනයක් විතරයි. මේ කට්ටිය කරන්නේ හැක් කරන ජූම්ලා වගේ වෙබ් අඩවි නැවත ඉන්ස්ටෝල් කරන එක විතරයි.

:       0       5

dhanushka Monday, 25 June 2018 08:32 AM

මේවගේ ශීර්ෂපාඨ දාන්න එපා.. ඒකේ වැඩ කරන අයටම ලැජ්ජා හිතෙයි. ඔය කට්ටියට එච්චර දෙයක් බෑ.

:       0       6

SudeshMonday, 25 June 2018 10:00 AM

මේ ඉක්ටා එකේ ඉන්න අය මෙලෝ හසරක් දන්නේ නැහැ ප්‍රයෝගිකව වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. දන්නේ පිටරට විශ්වවිද්‍යාලයේ ඇඳපු පින්තුර රටා අඳින්නයි. බෝර්ඩ් වල බලි ඇඳ පෙන්වන්නයි විතරයි. වැරද්දක් පෙනුවහම පිළිගන්න කැමතිත් නැහැ. ඒ මදිවට වරද පෙන්වන එකා නැතිකරලම දානවා. මොකද මේ ඉක්ටා අයගේ පැවැත්මට බලපෑමක් වෙන නිසා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site