IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීහු දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පෙදෙසේ නගරයක් වන ජලාලාබාද්හි පිහිටි බන්ධනාගාරයකට ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සටන්කාමීන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.

බන්ධනාගාරය අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයට පත් වූ අතර ගැටුම හේතුවෙන් සිරකරුවන් සිය ගණනක් පැන ගියහ.

සටන්කාමීන්ගෙන් එල්ල වූ ප්‍රහාරවලින් 29 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇති වී තිබේ. බන්ධනාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරිදා පස්වරුවේ ය.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින මොහොතකය. තලේබාන් සංවිධානය, ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එරෙහිව සටන් වදින බව ද කියයි.

සිරකරුවන් 300ක් පමණ තවමත් නිදැල්ලේ පසුවන්නේ යැයි නන්ගහාර් පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රධානී අතාවුල්ලා කුග්යානි පැවැසීය. බන්ධනාගාරයේ සිරකරුවන් 1,793ක් සිටි බවත් ඔවුන්ගෙන් 1,025 දෙනකුට වැඩි පිරිසක් පැන යෑමට උත්සාහ කළ බවත් හෙතෙම කීය. ඔවුන්ගෙන් බොහෝදෙනකු අල්ලාගත් බවත් සිරකරුවන් 430 දෙනකු බන්ධනාගාරය තුළ සිටි බවත් ඔහු කීවේය.

“ඉතිරි පිරිස අතුරුදන්” ඔහු තවදුරටත් කීවේය.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇත්තේ දසදෙනකු බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් ඔවුන් සියලු දෙනාම මියගිය බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. එහෙත් 30 දෙනකු-ට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ස්ටේට් සංවිධානය බාරගෙන තිබිණි. ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු ඇෆ්ගන් විශේෂ බළකා එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව එරට බුද්ධි අංශ නිවේදනය කළ අතර ඉන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.

කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙන අතර ඉන් අනතුරුව සටන්කාමීන්, වෙඩි තබමින් බන්ධනාගාරය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ අයි.එස්. සටන්කාමීන් රැසක් ද රඳවා ඇත. පසුගිය මාසයේ කරන ලද මෙහෙයුමකින් එම අයි.එස්. සටන්කරුවන් අල්ලා ගෙන තිබිණි. අයි.එස්. සටන්කාමීන්ට අමතරව තලේබාන් සටන්කාමීන් සහ අනෙකුත් අපරාධකරුවන් ද මෙම බන්ධනාගාරයේ රඳවා ඇත.

බන්ධනාගාරයේ ස්ථානයක සිර වී සිටින සිරකරුවකු සම්බන්ධ කරගැනීමට රොයිටර්ස් පුවත් සේවය සමත්ව තිබිණි. මළසිරුරු හතරක් බිම වැටී තිබෙන අයුරු දක්නට ඇති බව එම සිරකරු පවසා තිබිණි.

“අපිට ගොඩක් බඩගිනියි. ගොඩක් රස්නෙයි. අපිට වතුරත් නැහැ” යැයි ඔහු රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණි.

“ඒක පාරටම හරි නිශ්ශබ්දයි. ඊට පස්සේ එකපාරටම වෙඩි තියන්න ගන්නවා. ආරක්ෂක අංශවලට ඉස්සරහට යන්න බැහැ. ප්‍රහාරකයෝ ඕනෙම තැන් ටික අල්ලගෙන. මුර අට්ටාලත් ඔවුන් අල්ලාගත්තා” යැයි හෙතෙම කීය.

මෙම ප්‍රහාරයෙන් සහ ආරක්ෂක අංශ කළ වෙඩි තැබීම්වලින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.

රොයිටර් 

055

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site