IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි.

තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර එක් බෝම්බකරුවකු පොලිස් මූලස්ථාන ගේට්ටුවේදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පුපුරුවා ගත් බව ද වාර්තා විය.
ප්‍රහාරය එල්ල වූයේ පක්තියා පළාතේ ගාර්දිස්හි පිහිටි පොලිස් මූලස්ථානයට යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නජීබ් ධනීෂ් මහතා පැවැසීය.

ගේට්ටුව අසළ බෝම්බය පුපුරා ගිය පසු ඉතිරි මරාගෙන බෝම්බකරුවන් 4 දෙනා පොලිස් මූලස්ථානය තුළට පැමිණ තිබෙන අතර පොලිස් වෙඩි පහරින් මරාගෙන බෝම්බකරුවන් දෙදෙනකු මියගොස් තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවැසීය. කෙසේ නමුත් පස් දෙනකුගේ මළ සිරුරු සොයාගත් බවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත් නගරයේ රෝහලේ වෛද්‍යවරු පැවැසූහ.
ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් නිවේදනයක් නිකුත් කළ අතර බෝම්බ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 100කට වැඩි පිරිසක් මියගිය බවත් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් පැවසීය.

කෙසේ නමුත් තලේබාන් සංවිධානය ඔවුන් එල්ල කරන ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව සත්‍ය සංඛ්‍යාවට වඩා වැඩියෙන් ප්‍රකාශ කරයි.   


(රොයිටර්-055)



අදහස් (1)

ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක්

ධම්ම Sunday, 18 June 2017 09:58 AM

ඇමෙරිකාව මුලික ආක්‍රමණික හමුදාව වහාම රටින් පිටවෙනු! වසර දහස් ගණනක් බාමියන් බුදුපිළිම දිවිහිමියෙන් ආරක්ෂාකළ තලේබාන්වරු අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැත.

:       10       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site