(මනෝප‍්‍රිය ගුණසේකර)
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ පවත්වාගෙන යන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වුවාය.
මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දෙමින් විනිසුරු මුරුදු ප‍්‍රනාන්දු මහත්මිය පෙත්සම් විභාගයෙන් ඉවත් වුවාය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුරුදු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
ගාලු වරාය ආසන්නයේ දකුණු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව සඳහන් කරන පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කර ඇත.
තමන් කිසි`දු නීතීවිරෝධී කටයුත්තක් සිදුකොට නැතැයි ද මෙම තත්වය මත පොලිසිය තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවිය හැකි යැයිද පවසන පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කර ඇත.
මෙම පෙත්සම වභාග කොට අදාළ නියෝගය නිකුත් කිරීමට මත්තෙන් මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක ද කර ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශවයට නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇවන්ගාඩ් පෙත්සම් විභාගයෙන් විනිසුරු මුරුදු ප්‍රනාන්දු ඉවත්වෙයි
සතයපාල Wednesday, 23 May 2018 01:42 PM
ලොකු ලොක්කන්ගේ නඩු අහනවිට නඩුව බාර ගත්තාට පස්සේ නඩු අහන අවස්ථාවේ... විනිසුරුවන්ට ඇතිවන පෞද්ගලික හේතුන් මොනවද කියලා උසාවිය පැහැදිලි කල යුතුයි. නැත්නම් අන්තිමට නඩු අහන්න උසාවියේ නඩුකාරයෝ නැතිවේවි!!!
Don Wednesday, 23 May 2018 03:56 PM
නීතියටත් උඩින් ලංකාවේ තියෙන්නේ සල්ලි තමයි.