(නිමන්ති රණසිංහ)
ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණූමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද(03) දැන්වීය.
දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්ෂ 355 ක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එය ලබාගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොණු කර ඇති අතර ඔහු එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටියි.
නඩු විභාගය අගෝස්තු 28 වැනි දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.