IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ්


(නිමන්ති රණසිංහ)
 
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි  නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සදහන් කළේය.
 
ජනාධිපති නිතීඥවරයා එලෙස සදහන් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.
 
අදාළ සිම් කාඞ්පත්වලට අදාළව දුරකතන වාර්තා කැදවා සහ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබන බවද මෙහිදී ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් සදහන් කළේය. 
 
එසේම, මෙහි සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව එතෙක් කල් තැබීය.
 



අදහස් (9)

ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ්

rama Thursday, 05 July 2018 11:32 AM

දෙන්නම එක වාට්ටුවේ නම් මොනවටද දුරකථන.

:       1       52

සතයපාල Thursday, 05 July 2018 12:09 PM

මහ බැංකුවට වැඩක් දුන්න මහත්වරුන්ට ඕක වැඩක්ද.?

:       1       87

manoj Thursday, 05 July 2018 12:39 PM

මේ දෙන්න වාට්ටුවේ ඉන්නේ මොකක්ද ලෙඩේ. ඉස්සෙල්ල ඒක හොයලා ඉන්න. බැංකු හොරකමේ යද්දී මෙලෝ ලෙඩ තිබ්බේ නැති අය හිරේ ගිය දවසේ ඉඳන් ඇඳේ. මොන සැපද.

:       1       35

pissa Thursday, 05 July 2018 12:53 PM

බලනකොට රටේ හැම කෙනාටම සල්ලි දීලා අපිට හැර.

:       0       32

jayatissa Thursday, 05 July 2018 01:02 PM

මේක පුදුම කතාවක්නේ. අපිද ඇතුලට ඕවා ගෙනියන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි. අපිට නම් හිනා.

:       0       27

පිටිගල මිලානෝ Thursday, 05 July 2018 02:12 PM

මේ දෙන්නට ඇප දුන්නොත් කොහොම තියෙයිද?

:       0       29

Nandalal DE SILVA - France Thursday, 05 July 2018 05:41 PM

අපරාධ පරීක්ෂණ සහ FCID එක නොමග යවන්න ගහපු ගැටයක් වෙන්න ඇති මේකත්. මේ දෙන්නා වාට්ටුවකට දැම්මේ මොන මහ ලෙඩක් හැදිලද? ආණ්ඩුවේ බෝඩිමේ මේ දෙන්නා එකට දාන්න අවසර දුන්නේ කවුද? අනේ මෙහෙම රටක්!!!!

:       0       49

Sriyal Thursday, 05 July 2018 06:21 PM

ඔවා අල්ලන්න බෑ. වයිබර් වගේ ඒවයින් තමයි විශේෂ කථා කරන්න ඇත්තේ

:       0       32

Mahee Thursday, 05 July 2018 09:07 PM

අනේ, අතේ තිබිච්ච සල්ලි ටික රටේ ඉන්න ඔක්කොම ලොකු ලොක්කන්ට දන් දීලා අතේ සතයක් නැතුව හිරේ විලංගුවේ දුක් විඳින මේ අහිංසකයෝ කබල් සෙල්ෆෝන් ටිකක්වත් විකුණලා කීයක් හරි හොයා ගන්න හදන කොට මේ මහත්තුරු කියන කතාවල හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 223 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site