(නිමන්ති රණසිංහ)

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයවලූන් ලබන (11) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (27) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (27) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම සැකකරුවන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.