සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු  
 
අර්ජුන් ඇලෝසියස්ගේ අරක්කු බෙදන නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මේ සභාවේ සිටින බව මහනුවර දිස්ත්‍රික් මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) තොරතුරු හෙළි කළේය.

 
අළුත්ගමගේ මහතා මේ තොරතුරු හෙළි කළේ  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා පිළිබඳ විවාදයේදීය.
 
මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙසේද කීය,

ඇලෝසියස්ගේ අරක්කු බෙදන වයඹ පළාත් නියෝජ්‍ය ඇමතිවරයකුත් ඉන්නවා.මේ ළගදී පත්වුණු කෙනෙක්. ලැජ්ජයි. අර්ජුන ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මුදල් අරගෙන තිබෙන බව ඔප්පු වෙලා තියෙනවා.කෝප් කමිටුවේ සාමාජිකයින් දෙදෙනකු ඇලෝසියස් ගෙන් මුදල් අරගෙන තියෙනවා.මේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුවෙන් ඉවත් කළ යුතුයි.