IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇල්පිටිය-කොළඹ අධිවේගී මඟේ බස් වර්ජනයක්

(එම් .සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ)

ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් දක්ෂිණ  අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථවල රියදුරු  සහ කොන්දොස්තරවරු අද (27 ) වර්ජනයක් ඇරැඹුහ.

බස් රථ ධාවනයවූ කාල සටහන ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් වෙනස් කිරීමට විරෝධය පා ඔවුහු මෙසේ විරෝධය දැක්වූහ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග අද (27 ) මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඒ සදහා නිසිවිසදුමක් නොලැබුණ හොත් සිය වර්ජනය දිගටම කරගෙන යන බවත් ඔවුහු පැවසූහ.

කල් ඇතිව නොදන්නා කළ මේ බස් වර්ජනය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ බලා යාමට උදේ පැමිණි රජයේ හා පෞද්ගලික ආයතනවල සේවකයෝ ඇතුළු ඇල්පිටිය හා ඒ අවට නගර වල මගීහු දැඩි අපහසුතාවකට පත්වී සිටියහ.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරු සමග සාකච්ඡා කර විසදුමකට ඒමට අපේක්ෂාවෙන් සිටින බවයි.

 

 

 



අදහස් (0)

ඇල්පිටිය-කොළඹ අධිවේගී මඟේ බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site