IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඹිලිපිටිය - බලන්ගොඩ නගර සභා සභාපති තනතුරු තාවකාලිකව අත්හිටුවයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වවුලන්බොක්ක ගමගේ ලලිත් ධර්මකීර්ති මහතාගේ සහ එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතාගේ සභාපති තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නියෝග කර ඇත.

2021 ජනවාරි 15දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවයා මෙම නියෝගය සිදුකර ඇත. නගර සභාපතිධූරයන් දැරීම තාවකාලිකව අත්හිටුවීමෙන් පුරප්පාඩු වු ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිධූරයේ වැඩ බැලීමට  උපසභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජ්‍ය නායක සුභසිංහ පතිරණගේ දිනේෂ් මධුසංක මහතා සහ බලන්ගොඩ නගර සභාපති ධූරයේ වැඩ බැලීමට එම නගර සභාවේ උප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන තාහීර් මොහොමඩ් රූමි මහතා පත්කරන බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වවුලන්බොක්ක ගමගේ ලලිත් ධර්මකීර්ති මහතා සහ  බළන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතා නගර සභා ආඥාපනතේ 184(1) වගන්තිය යටතේ දක්වන වරදවල් සිදුකර ඇද්ද යන්න පිළිබඳව තෙමසක් ඇතුළත පරීක්‍ෂා කර වාර්තා කිරීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු හේරත් මුදියන්සේලාගේ රෝහණ අනුර කුමාර මහතා පත්කර ඇත. එම පත්වීමට කොමිෂන් සභාවක බලතල හිමිවන බවද ගැසට් නිවේදනයේ දැක්වේ.

බලන්ගොඩ නගර සභාවේ අයවැය මෙවර පරාජයට පත්වූ අතර ඇඹිලිපිටිය නගර සභාවේ අයවැය සම්මත කිරිම සම්බන්‍ධයෙන් සභිකයන්ගෙන් පැමිණිලි ලැබී තිබුණි.


 



අදහස් (0)

ඇඹිලිපිටිය - බලන්ගොඩ නගර සභා සභාපති තනතුරු තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site